
ඉකුත් 23 වන දින ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඒ.ඩී. එස්. ගුණවර්ධන මහතා සහ ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සඳුන් හේමන්ත මහතා අතර ඇතිවූ වචන හුවමාරුවක් දුර දිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය කියයි. එහිදී ඇතිවූ බව කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ සඳුන් හේමන්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගුණවර්ධන මන්ත්‍රීවරයාද පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලීසිය නඩු අංක ඩී. ආර්. 1206/2014 යටතේ අධිකරණයට කරුණු ගොනු කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් අයි. තිරුචෙන්දිල්නාදන් මහතා විසින් පොලීසියට නියෝග කර ඇත.
0 comments:
Post a Comment