මහින්ද මේ නොකියා කියන්නේ කුමක්ද?

· 0 comments



මහින්ද රාජපක්ෂ මහතා තෙවරන වරටත් ජනාධිපති වුවහොත් සිදු කිරීමට බලාපොරොත්තු වන දෑ සම්බන්ධයෙන් සහ ඔහු රට හමුවේ තබන පොරොන්දු සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළිදැක්වූ අතර එහි ප්‍රධාන මාතෘකාව වන "ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්" යන්නෙහි මෙසේ සඳහන් වේ.

"මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකාවේ වෙසෙන කිසිදු පුරවැසියෙකුගේ මානව අයිතිවාසිකමක් කඩවී ඇත්නම් රටේ පවතින නීතිමය රාමුව තුළ දේශීය ක්‍රමවේදයක් යටතේ විනිවිද බවින් යුතුව යුක්තිය සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ඇති කරමි."



ස්ත්‍රී ලිංගය කලාවට ගෙනා ජපන් කලාකාරිය

· 0 comments

තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන ජපන් කලාකාරියක ට එරහිව අශික්ෂිත දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක් කර තිබේ.
මෙගුමි ඉගරශී නම් වූ මෙම 42 හැවිරිදි ජපන් කාන්තාව තම අසභ්‍ය නිර්මාණ ටෝකියෝවේ ලිංගික අංගෝපාංග වෙළඳසැලක ප්‍රදර්ශනය කර ඇති අතර තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමාණ දත්ත තවත් පුද්ගලයන් වෙත යවා ඇති බවයි පැවසෙන්නේ.

 
දෙසැම්බර් මස මුල් භාගයේ දී අත් අඩංගුවට ගත් ඇය තවමත් සිටින්නේ රැඳවුම් භාරයේය.
පසුගිය ජූලි මාසයේ දී මුල් වරට අත් අඩංගුවට පත් ඉගරශී පසුව නිදහස් කරනු ලැබුවේ ජනතා බලපෑම සහ නීතිමය අභියාචනයක් සාර්ථක වීමෙන්.

“නරක ගැහැණු ළමයා”


සිල් රෙද්දත් මැතිවරණ තුරුම්පුවක්

· 0 comments

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විහාරස්ථාන මට්ටමින් බෙදා දීම සඳහා සිල්රෙදි තොගයක් ගෙන්වා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන පවසයි.

ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන විසින් නිකුත් කර ඇති ප්‍රකාශනයක දැක්වෙන්නේ, එකක් මීටර් පහක් දිග සිල් රෙදි සඳහා රුපියල් කෝටි සීයක් වැය කරන බවයි.



හිටපු බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති අල්ලන්න නියෝග

· 0 comments



ගෝමරන්කඩවල  ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට කළ බව  කියන පහරදීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු  බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා වහා අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 31වන දින අධිකරණයට ඉදිරපත් කරන ලෙස ත්‍රිකුණාමලය වැඩ බලන  මහේස්ත්‍රාත්  අයි. තිරුචෙන්දිල්නාදන් මහතා පෙරේදා සවස (24) ‍පොලීසියට නියෝග කර තිබේ.

ඉකුත් 23 වන දින ගෝමරන්කඩවල ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඒ.ඩී. එස්. ගුණවර්ධන මහතා සහ ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන  මන්ත්‍රී සඳුන් හේමන්ත මහතා අතර ඇතිවූ  වචන හුවමාරුවක්  දුර දිග යාමෙන් මෙම ගැටුම   සිදුව ඇති බව ‍පොලීසිය කියයි. එහිදී  ඇතිවූ බව කියන පහරදීමක් හේතුවෙන්    තුවාල ලැබූ  සඳුන් හේමන්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති  අතර, සිද්ධිය සම්බන්ධයෙන්   ගුණවර්ධන  මන්ත්‍රීවරයාද ‍පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව   ‍පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ගෝමරන්කඩවල ‍පොලීසිය නඩු අංක ඩී. ආර්. 1206/2014 යටතේ අධිකරණයට කරුණු ගොනු කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් අයි. තිරුචෙන්දිල්නාදන් මහතා විසින් ‍පොලීසියට නියෝග කර ඇත.

පරාජය දැනී ප්‍රචාරක ඒකක අවුල්

· 0 comments

මහින්ද රාජපක්ෂ මහතා‍ගේ පරාජය මේ වනවිට තහවුරු වී ඇති බව එම ප්‍රචාරක ඒකකයේ සමාජිකයන්ගෙන් හෙළිවෙමින් තිබේ. මේ වනවිට සියලුම ප්‍රචාරක කටයුතු අවුල්සහගත තත්වයකට පත්ව ඇතැයිද ප්‍රචාරක කටයුතු මගහැර යන පිරිස වැඩිවෙමින් පවතින බවද අනාවරණය වේ.

 
ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා, විමල් වීරවංස ඇමතිවරයා සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත් යන අයගෙන් සමන්විත අභ්‍යන්තර ප්‍රචාරක ඒකකයක් තිබූ බවත් එය මේ වනවිට මුලුමනින්ම අඩපණ වී ඇති බවත් අනාවරණය වේ.


එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ (24) සිරිකොත ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් විමල් වීරවංස ඇමතිවරයා බිඳ වැටී ඇති තත්වය වෙනතක හරවා ගනිමින් වැඩි ප්‍රචාරක වාසියක් ලබාගැනීමට උත්සාහ කළ බවය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේදී කළ කතාවෙන් පසුව ඔහු වටා සිටි ව්‍යාපාරික ප්‍රජජාවද විශාල වශයෙන් මගහැර යමින් සිටින බව වැඩිදුරටත් හෙළි වේ.

online counter
ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සිංහල බිලොග්

1.