අසැබි වීඩියෝ වලට හිටියා නම් මාසයක් කල්දෙයි

20 November 2010 · 0 comments

අසභ්‍ය වීඩීයෝ දර්ශන වල සිටින තරුණ තරුණියන්ට ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට මාසයක කාලයක් ලබා දී තිබේ.


ඇතැම් තරුණ තරුණියන් නොදැනුවත්ව යම් යම් පිරිස් විසින් පටිගත කරන ලද අසභ්‍ය වීඩීයෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.


එවන් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව වහාම තමා පදිංචි ප්‍රදේශයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ කාර්යාල වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.


ඒ අනුව එවැනි වීඩීයෝ ගත කිරීම් කළ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය පවසයි.


මාසයක කාලයක් තුළ දී එවැනි දැනුම් දීමක් සිදු නොකරන තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ප්‍රකාශ කරයි.


අසභ්‍ය ඡයාරූප සඳහා පෙනී සිටි පසුගිය දා මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන ලද කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙකු හඳුනාගෙන ඔවුන් එරෙහිව නීත්‍යානුකූලව පියවර ගෙන ඇති බව එම කාර්යාංශය වැඩිදුරටත් පවසයි

මදුරුවන්ට වැට බඳින්නට පී.එච්.අයි ලා

· 0 comments

මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


ඒ අනුව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මාර්ගයෙන් පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ‍ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය මාසය තුළ ආයතන හැට හත් දහස් එකසිය හයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එයින් විසි එක් දහස් දහ අටකට මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යාමට විරුද්ධව නිවේදන නිකුත් කර ඇති බව ඔහු පවසයි.


ඊට අමතරව එම මාසය තුළ ආයතන 587 ට එරෙහිව නඩු පවරා ඇති බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනපති දෙවන ධුර කාලයේ සංවර්ධන සංග්‍රාමය අනුරපුරෙන් අරඹයි

· 0 comments

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවැනි ධුර කාලයේ සංවර්ධන සංග්‍රාමය අද අනුරාධපුරයෙන් ආරම්භ කළේය. උදෑසන 9.15 ට යෙදුන සුබ නැකතින් අනුරාධපුර ජනාධිපති මන්ධිරයේදී සඳුන් පැළයක් රෝපණය කිරීමත් සමග එය ඇරඹිණ.


ආශීර්වාද සදහා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා පසුව අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය.


පසුව රුවන්වැලි මහා සෑයද වැඳපුදා ගත් ජනාධිපතිවරයා දුටුගැමුණු පිළිරුවට හා විහාරමහා දේවි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ කාදිනල් ධුරයෙහි අභිෂේක ලබයි

· 0 comments

Mal_Ranjith.jpgමෙරට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළුව අළුතින් කාදිනල්ධුරයට පත් කෙරුණු කාදිනල් හිමිවරුන් 24 දෙනාට තනතුරු පිරිනැමීම අද වතිකානයේදී සිදු කෙරිණි.


16 වන ශුද්ධෝත්තම බෙනඩික් පියතුමා විසින් වතිකානයේදි කාදිනල් හිස් පළදනාව පිළිගන්වනු ලැබීමත් සමඟ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ අද කාදිනල් තනතුරෙහි අභිෂේක ලැබූහ.
ඉකුත් ඔක්තෝම්බර් 20වෙනිදා ශුද්ධෝත්තම පියතුමා විසින් ආසියාව නියෝජනය කරමින් මැල්කම් රංජිත් හිමිපාණන් කාදිනල් තනතුරට නම් කරනු ලැබිණි.


1947 නොවැම්බර් මස 15වෙනිදා පොල්ගහවෙලදි උපත ලද මැල්කම් රංජිත් හිමිපාණෝ 1975 වසරේ පූජකවරය ලද අතර 2009 වසරේ ජූනි 16 වෙනිදා අගරදගුරු පදවියට පත්වුහ

අධිෂ්ඨාන පූජාවට මහ වැසි නොතකා දැවැන්ත ජනකායක්

07 October 2010 · 0 comments

අත්තනෝමතික ලෙස සිරගත කර සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවට ඇද හැලුණු මහවර්ෂා ‍නොතකා විශාල ජනකායක් සහභාගී වූ බව එහි සිටින අප වාර්තාකරු පවසයි. මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කොට ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කළ මෙම අධිෂ්ඨාන පූජාව සදහා ස්වාමීන් වහන්සේලා විශාල නමක් වැඩම කොට වදාලහ.

adistanapuja01.jpg

alt

alt

alt

alt

alt

alt

alt

ජෙනරල් සමඟ කළ සාකච්ඡාව ‍පටිගත කර නැහැ - 'සුදු කොඩි' නඩුවේදී සන්ඩේ ලීඩර් කතුවරිය කියයි

· 0 comments

ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් තමා ඇසූ අවසන් ප‍්‍රශ්නය සටහන් කර නොගත් බවත් සටහන් තබා ගන්නා විට මේ පොත උසාවියට ගෙන ඒමට සිදුවේයැයි තමා කිසිවිටෙකත් නොසිතූ බවත් සන්ඩේ ලීඩර් පත‍්‍රයේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ඊයේ 'සුදුකොඩි' නඩුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

2009 දෙසැම්බර් 8වනදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකාර ෆොන්සේකා මහතා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මානුෂික මෙහෙයුමේ අවසන් අවස්ථාවේ යටත්වීමට පැමිණි කොටි සාමාජිකයිනට යටත් වීමට ඉඩ නොදී ඔවුන්ට වෙඩි තබා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වැනි සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පවසා ඇතැයි තමන්ට දැනගන්නට තිබෙන බවට කළැයි කියන ප‍්‍රකාශයෙන් මහජනතාව අතර කැළඹීමක්, බියක්, මෙන්ම ජාතීන් අතර අසමගිතාවක් ඇති කරවන ලදැයි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.


Frederica_Janz.jpg
ජෙනරල් ෆොන්සේකා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී තමා විසින් සටහන් තැබූ පොත අධිකරණ නියෝගයක් මත උසාවියට බාර දෙන විට එහි පිටු ගැලවී නොතිබුණු බවත්, අද තමා වෙත ඉදිරිපත් කරන සටහන් පොතේ පිටු ගැලවී ඇත්තේ කෙසේදැයි තමා නොදන්නා බවත් එහෙත් එම සටහන් පොතේ සියලුම පිටු අඩංගුව ඇති බවත් ඇය එහිදී කියා සිටියාය.

ෆොන්සේකා මහතා සමඟ කළ එම සාකච්ඡාව ටේප් නොකළ බව සඳහන් කළ ජෑන්ස් මහත්මිය එසේ වුයේ තමාගේ ටේප් රෙකෝඩරය වෙනත් මාධ්‍යවේදියකුට ලබාදී තිබූ නිසා බවත් ඇය කීවාය.


එහෙත් පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ ආණ්ඩුවේ සමහර දේශපාලනඥයින් හා රජයේ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද්දේ එම ටේප් රෙකෝඩරය ඔවුන් සතුව තිබෙන බවත් අවශ්‍ය වෙලාවට එය එළියට දමන බවත්ය.

කියුබා බී. ටී. අයි බැක්‌ටීරියාව ගම්පොලදී අත්හදා බලයි

06 October 2010 · 0 comments

ඉකුත් සැප්තැම්බර් මසදී මෙරටට ගෙන ආ කියුබාවේ නිෂ්පාදිත බී ටී. අයි. බැක්‌ටීරියාව ඩෙංගු මදුරු කීටයන් විනාශ කරලීම සාර්ථකව සිදු කරන්නේද යන්න පිළිබඳව පරීක්‍ෂා කර බැලීම සඳහා යොදා ගැනීම අද (07 දා) ගම්පොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාසයේදී සිදු කෙරේ.


ජාතික ඩෙංගු මර්දන සතියද අදින් අරැඹේ. කියුබානු බැක්‌ටීරියාව මෙරටදී සාර්ථක බව තහවුරු වුවහොත් එය ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට එක්‌ කර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කියුබානු බී. ටී. අයි. බැක්‌ටීරියා ලීටර් දසදහසක තොගයක්‌ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදා මෙරටට නැව් මාර්ගයෙන් ගෙන්වා ගනු ලැබීය.


මේ අතර මෙරට කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් නිෂ්පාදිත දේශීය බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරටදී සාර්ථක අන්දමින් යොදා ගත හැකි බව පූර්ව පරීක්‍ෂණවලදී තහවුරු වීමෙන් පසු මේ වන විට ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට යොදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ෆොන්සේකා සුදු කොඩි ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ නෑ-ජෑන්ස් සාක්ෂිදෙයි

· 0 comments

සුදු කොඩි රැගෙන රජයට භාර වූ එල්.ටී.ටී.ඊ නායකයන් මරා දමන ලෙස ආරක්ෂක ලේකම් නියෝග කළේ යයි සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශය කිසිදු අවස්ථාවක තමන් සමග පැවති සාකච්ඡා වලදී ප්‍රතික්ෂේප නොකළ බව සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් පවසයි.

ෆොන්සේකා සුදු කොඩි ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ නෑ-ජෑන්ස් සාක්ෂිදෙයිසරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුව (06)දෙවෙනි දිනටත් විභාගයට ගත් අවස්ථාවේ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඇය මේ බව කියා සිටියාය. අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.


ෆොන්සේකා මහතා මෙම ප්‍රකාශය පුන පුනා ප්‍රකාශ කළ නිසා එය පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කරන්නට තමන් ක්‍රියා කළ බව ඇය අධිකරණය හමුවේ අවධාරණය කළාය.


අදාළ පුවත පළ වීමෙන් පසු එය ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අවාසිදායක විය හැකි බැවින් නිවරදි කිරීමක් පළ කරන මෙන් අනුර කුමාර දිසා‍නායක හා මංගල සමරවීර යන මහත්වරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද කතුවරිය පෙන්වාදුන්නාය.


තමන් මෙම දෙදෙනාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළද සරත් ෆොන්සේකා මහතාගේ ඉල්ලීම පරිදි ඉකුත් දෙසැම්බර් මස 20 වන දින සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆොන්සේකා මහතාගේ යළි පැහැදිලි කිරීමක් පළ කළ බවද ඇය කියා සිටියාය.


එම නව පැහැදිලි කිරීම තුළින් සුදු කොඩි රැගෙන භාර වන එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නීති විරෝධී නියෝගයක් ලබාදුන්නත් කිසිදු නායකයෙකු සුදු කොඩි රැගෙන භාර නොවූ බවත්,සෙසු සියලුම එල්.ටී.ටී.ඊ නායකයින් මිය ගියේ යුද්ධයේදී බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ බවද කතුවරිය අධිකරණය හමුවේ සිහිපත් කළාය.


එබැවින් එකී පැහැදිලි කිරීම් හමුවේ පවා ෆොන්සේකා මහතා මුලදී කළ සුදු කොඩි ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකළ බව ජෑන්ස් සඳහන් කළාය.


මතභේදයට තුඩු දී ඇති සුදු කොඩි ප්‍රකාශයට අදාළ තොරතුරු තමා දැනගත්තේ 58 වන සේනාංකය සමග සිටි මාධ්‍යවේදීන්ගෙන් බව ට ෆොන්සේකා මහතා ප්‍රථම වරට ප්‍රකාශ කරනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් මස 12 වන දින බවද කතුවරිය පෙන්වා දුන්නේය.


එහෙත් තමන් සමග දෙසැම්බර් මස 08 වන දින පැවති මුල් සාකච්ඡාවේදී අදාළ තොරතුර මාධ්‍යවේදීන්ගෙන් දැනගත් බවට ෆොන්සේකා මහතා තමන් සමග ප්‍රකාශ නොකළ බවත් ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියාය.

මනූෂ හා උ‍පේක්ෂාගේ මන්ත්‍රීධූර අහෝසි නොකරන්නැයි, නියෝග

05 October 2010 · 0 comments

මනූෂ නානයක්කාර හා උපේක්ෂා ස්වර්ණමාලි යන මහත්ම මහත්මීන්ගේ මන්ත්‍රීධූර අහෝසි නොකරන ලෙස දන්වමින් එක්සත් ජාතික පක්ෂ නායකවරයාට හා එහි මහලේකම්වරයාට අද වාරණ නියෝගයක් පැනවිය.


අදාළ මන්ත්‍රීවරුන් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කර ඇත.


එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද එම වාරණ නියෝගය බලපාන බව කොළඹ දිසා විනිසුරු රංජිත් එන්. වතුපොළ මහතා එහි දී පැවසීය.


පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ, තමන් මහ මැතිවරණයට නාමයෝජනා භාරදීමට පෙර සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තිබූ බවය.


ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසිවීමට ඉඩ ඇති හෙයින් අදාළ පෙත්සම් ඉදිරිපත් කළ බව එමගින් පෙන්වා දී ති‍බුණි.

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.