අසභ්‍ය වීඩීයෝ දර්ශන වල සිටින තරුණ තරුණියන්ට ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට මාසයක කාලයක් ලබා දී තිබේ.ඇතැම් තරුණ තරුණියන් නොදැනුවත්ව යම් යම් පිරිස් විසින් පටිගත කරන ලද අසභ්‍ය වීඩීයෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
එවන් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව වහාම තමා පදිංචි ප්‍රදේශයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ කාර්යාල වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
ඒ අනුව එවැනි වීඩීයෝ ගත කිරීම් කළ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය පවසයි.
මාසයක කාලයක් තුළ දී එවැනි දැනුම් දීමක් සිදු නොකරන තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ප්‍රකාශ කරයි.
අසභ්‍ය ඡයාරූප සඳහා පෙනී සිටි පසුගිය දා මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන ලද කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙකු හඳුනාගෙන ඔවුන් එරෙහිව නීත්‍යානුකූලව පියවර ගෙන ඇති බව එම කාර්යාංශය වැඩිදුරටත් පවසයි






0 comments:
Post a Comment