මෙරට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළුව අළුතින් කාදිනල්ධුරයට පත් කෙරුණු කාදිනල් හිමිවරුන් 24 දෙනාට තනතුරු පිරිනැමීම අද වතිකානයේදී සිදු කෙරිණි.16 වන ශුද්ධෝත්තම බෙනඩික් පියතුමා විසින් වතිකානයේදි කාදිනල් හිස් පළදනාව පිළිගන්වනු ලැබීමත් සමඟ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ අද කාදිනල් තනතුරෙහි අභිෂේක ලැබූහ.
ඉකුත් ඔක්තෝම්බර් 20වෙනිදා ශුද්ධෝත්තම පියතුමා විසින් ආසියාව නියෝජනය කරමින් මැල්කම් රංජිත් හිමිපාණන් කාදිනල් තනතුරට නම් කරනු ලැබිණි.
1947 නොවැම්බර් මස 15වෙනිදා පොල්ගහවෙලදි උපත ලද මැල්කම් රංජිත් හිමිපාණෝ 1975 වසරේ පූජකවරය ලද අතර 2009 වසරේ ජූනි 16 වෙනිදා අගරදගුරු පදවියට පත්වුහ






0 comments:
Post a Comment