අදාළ මන්ත්‍රීවරුන් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද එම වාරණ නියෝගය බලපාන බව කොළඹ දිසා විනිසුරු රංජිත් එන්. වතුපොළ මහතා එහි දී පැවසීය.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ, තමන් මහ මැතිවරණයට නාමයෝජනා භාරදීමට පෙර සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තිබූ බවය.
ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසිවීමට ඉඩ ඇති හෙයින් අදාළ පෙත්සම් ඉදිරිපත් කළ බව එමගින් පෙන්වා දී තිබුණි.






0 comments:
Post a Comment