ගාල්ලේදී ‘හූ’ කියලා බල මණ්ඩලයෙන් රනිල් ඉවතට

04 October 2010 ·

එජාප පාක්ෂිකයන් එක දිගට හූකීම නිසා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් භූමියෙන් ඉවත් වීමට ඊයේ (3) සිදුවිය.

වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ හා පොලීසියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ නිරුපද්‍රිතව රැස්වීම් භූ®මියෙන් ඉවතට ගෙන ගොස් තිබේ.

වික්‍රමසිංහ මහතා රැස්වීම් භූ®මියෙන් ඉවතට යන තෙක්ම පාක්ෂිකයෝ ඒ මහතාට පරුෂ වචනයෙන් බැන වදිමින් හූ කියූ බවද වික්‍රමසිංහ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බවද වාර්තා වෙයි.

වික්‍රමසිංහ මහතාගේ කතාව ආරම්භයේ දී එජාප ආසන සංවිධායක වරයෙක් ඒ මහතාගෙන් ප්‍රශ්න ඇසීමට යාමේදී මේ තත්ත්වය උද්ගත වූ බවද “මගෙන් ප්‍රශ්න අසන්න එපා” යැයි ප්‍රකාශ කිරීමත් සමඟ මේ තත්ත්වය හට ගත් බවද වාර්තා වෙයි.

වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල නිවසේ පැවැති මේ රැස්වීම සඳහා වික්‍රමසිංහ මහතා සහභාගි වන බව කලින් දැනුම් දීමක් කර නොතිබූ බවද එජාප ආරංචි මාර්ග කියයි.

මෙම රැස්වීම සඳහා සහභාගී වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂ නායකවරයාගේ පැමිණීම තමා දැන නොසිටි බව එජාප ගාල්ල ආසන සංවිධායක ආනන්ද ලැනරෝල්් මහතා පැවැසීය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.