ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් තමා ඇසූ අවසන් ප‍්‍රශ්නය සටහන් කර නොගත් බවත් සටහන් තබා ගන්නා විට මේ පොත උසාවියට ගෙන ඒමට සිදුවේයැයි තමා කිසිවිටෙකත් නොසිතූ බවත් සන්ඩේ ලීඩර් පත‍්‍රයේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ඊයේ 'සුදුකොඩි' නඩුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
2009 දෙසැම්බර් 8වනදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකාර ෆොන්සේකා මහතා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මානුෂික මෙහෙයුමේ අවසන් අවස්ථාවේ යටත්වීමට පැමිණි කොටි සාමාජිකයිනට යටත් වීමට ඉඩ නොදී ඔවුන්ට වෙඩි තබා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වැනි සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පවසා ඇතැයි තමන්ට දැනගන්නට තිබෙන බවට කළැයි කියන ප‍්‍රකාශයෙන් මහජනතාව අතර කැළඹීමක්, බියක්, මෙන්ම ජාතීන් අතර අසමගිතාවක් ඇති කරවන ලදැයි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

ජෙනරල් ෆොන්සේකා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී තමා විසින් සටහන් තැබූ පොත අධිකරණ නියෝගයක් මත උසාවියට බාර දෙන විට එහි පිටු ගැලවී නොතිබුණු බවත්, අද තමා වෙත ඉදිරිපත් කරන සටහන් පොතේ පිටු ගැලවී ඇත්තේ කෙසේදැයි තමා නොදන්නා බවත් එහෙත් එම සටහන් පොතේ සියලුම පිටු අඩංගුව ඇති බවත් ඇය එහිදී කියා සිටියාය.
ෆොන්සේකා මහතා සමඟ කළ එම සාකච්ඡාව ටේප් නොකළ බව සඳහන් කළ ජෑන්ස් මහත්මිය එසේ වුයේ තමාගේ ටේප් රෙකෝඩරය වෙනත් මාධ්‍යවේදියකුට ලබාදී තිබූ නිසා බවත් ඇය කීවාය.
එහෙත් පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ ආණ්ඩුවේ සමහර දේශපාලනඥයින් හා රජයේ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද්දේ එම ටේප් රෙකෝඩරය ඔවුන් සතුව තිබෙන බවත් අවශ්‍ය වෙලාවට එය එළියට දමන බවත්ය.






0 comments:
Post a Comment