සුදු කොඩි රැගෙන රජයට භාර වූ එල්.ටී.ටී.ඊ නායකයන් මරා දමන ලෙස ආරක්ෂක ලේකම් නියෝග කළේ යයි සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශය කිසිදු අවස්ථාවක තමන් සමග පැවති සාකච්ඡා වලදී ප්‍රතික්ෂේප නොකළ බව සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් පවසයි.
සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුව (06)දෙවෙනි දිනටත් විභාගයට ගත් අවස්ථාවේ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඇය මේ බව කියා සිටියාය. අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
ෆොන්සේකා මහතා මෙම ප්‍රකාශය පුන පුනා ප්‍රකාශ කළ නිසා එය පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කරන්නට තමන් ක්‍රියා කළ බව ඇය අධිකරණය හමුවේ අවධාරණය කළාය.
අදාළ පුවත පළ වීමෙන් පසු එය ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අවාසිදායක විය හැකි බැවින් නිවරදි කිරීමක් පළ කරන මෙන් අනුර කුමාර දිසානායක හා මංගල සමරවීර යන මහත්වරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද කතුවරිය පෙන්වාදුන්නාය.
තමන් මෙම දෙදෙනාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළද සරත් ෆොන්සේකා මහතාගේ ඉල්ලීම පරිදි ඉකුත් දෙසැම්බර් මස 20 වන දින සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆොන්සේකා මහතාගේ යළි පැහැදිලි කිරීමක් පළ කළ බවද ඇය කියා සිටියාය.
එම නව පැහැදිලි කිරීම තුළින් සුදු කොඩි රැගෙන භාර වන එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නීති විරෝධී නියෝගයක් ලබාදුන්නත් කිසිදු නායකයෙකු සුදු කොඩි රැගෙන භාර නොවූ බවත්,සෙසු සියලුම එල්.ටී.ටී.ඊ නායකයින් මිය ගියේ යුද්ධයේදී බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ බවද කතුවරිය අධිකරණය හමුවේ සිහිපත් කළාය.
එබැවින් එකී පැහැදිලි කිරීම් හමුවේ පවා ෆොන්සේකා මහතා මුලදී කළ සුදු කොඩි ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකළ බව ජෑන්ස් සඳහන් කළාය.
මතභේදයට තුඩු දී ඇති සුදු කොඩි ප්‍රකාශයට අදාළ තොරතුරු තමා දැනගත්තේ 58 වන සේනාංකය සමග සිටි මාධ්‍යවේදීන්ගෙන් බව ට ෆොන්සේකා මහතා ප්‍රථම වරට ප්‍රකාශ කරනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් මස 12 වන දින බවද කතුවරිය පෙන්වා දුන්නේය.
එහෙත් තමන් සමග දෙසැම්බර් මස 08 වන දින පැවති මුල් සාකච්ඡාවේදී අදාළ තොරතුර මාධ්‍යවේදීන්ගෙන් දැනගත් බවට ෆොන්සේකා මහතා තමන් සමග ප්‍රකාශ නොකළ බවත් ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියාය.
සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුව (06)දෙවෙනි දිනටත් විභාගයට ගත් අවස්ථාවේ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඇය මේ බව කියා සිටියාය. අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි. ෆොන්සේකා මහතා මෙම ප්‍රකාශය පුන පුනා ප්‍රකාශ කළ නිසා එය පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කරන්නට තමන් ක්‍රියා කළ බව ඇය අධිකරණය හමුවේ අවධාරණය කළාය.
අදාළ පුවත පළ වීමෙන් පසු එය ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අවාසිදායක විය හැකි බැවින් නිවරදි කිරීමක් පළ කරන මෙන් අනුර කුමාර දිසානායක හා මංගල සමරවීර යන මහත්වරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද කතුවරිය පෙන්වාදුන්නාය.
තමන් මෙම දෙදෙනාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළද සරත් ෆොන්සේකා මහතාගේ ඉල්ලීම පරිදි ඉකුත් දෙසැම්බර් මස 20 වන දින සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆොන්සේකා මහතාගේ යළි පැහැදිලි කිරීමක් පළ කළ බවද ඇය කියා සිටියාය.
එම නව පැහැදිලි කිරීම තුළින් සුදු කොඩි රැගෙන භාර වන එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නීති විරෝධී නියෝගයක් ලබාදුන්නත් කිසිදු නායකයෙකු සුදු කොඩි රැගෙන භාර නොවූ බවත්,සෙසු සියලුම එල්.ටී.ටී.ඊ නායකයින් මිය ගියේ යුද්ධයේදී බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ බවද කතුවරිය අධිකරණය හමුවේ සිහිපත් කළාය.
එබැවින් එකී පැහැදිලි කිරීම් හමුවේ පවා ෆොන්සේකා මහතා මුලදී කළ සුදු කොඩි ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකළ බව ජෑන්ස් සඳහන් කළාය.
මතභේදයට තුඩු දී ඇති සුදු කොඩි ප්‍රකාශයට අදාළ තොරතුරු තමා දැනගත්තේ 58 වන සේනාංකය සමග සිටි මාධ්‍යවේදීන්ගෙන් බව ට ෆොන්සේකා මහතා ප්‍රථම වරට ප්‍රකාශ කරනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් මස 12 වන දින බවද කතුවරිය පෙන්වා දුන්නේය.
එහෙත් තමන් සමග දෙසැම්බර් මස 08 වන දින පැවති මුල් සාකච්ඡාවේදී අදාළ තොරතුර මාධ්‍යවේදීන්ගෙන් දැනගත් බවට ෆොන්සේකා මහතා තමන් සමග ප්‍රකාශ නොකළ බවත් ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියාය.

0 comments:
Post a Comment