අත්තනෝමතික ලෙස සිරගත කර ඇති හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කරමින් මහජන පෙත්සමකට අත්සන් තැබීම අද කොටුව දුම්රිය පොළ ඉදිරි පිටදී ආරම්භ විය. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කළේය.
එම අවස්ථාවට අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සහ දේශපාලන පක්ෂ නායකයින් විශාල ප්‍රමාණයක් එම අවස්ථාවට සහභාගී වූහ.
අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් පෙත්සමට මුල්ම අත්සන තැබූ අතර අනතුරුව සෝමවංශ අමරසිංහ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සමට අත්සන් තැබීය. පසුව රැස්ව සිටි විශාල පිරිසක් පෙත්සමට අත්සන් තැබීම සදහා උනන්දුවෙන් ඉදිරිපත්වූහ.












0 comments:
Post a Comment