බොරු චෝදනා පටලවා සිරගත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා තමන් ඇරඹූ සටන වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ මොහොතේ පැවැති නීතිඥවරුන්ගේ උද්ඝෝෂණයේදීය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට එරෙහිව පැවැති මෙම නීතිඥ උද්ඝෝෂණයේදී ෆොන්සේකා මහතා අධිකරණයට රැගෙන ආ රථය අවහිර කරමින් නීතිඥයින් උද්ඝෝෂණයේ නිරත වූ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය.






0 comments:
Post a Comment