නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියකු ගස් බැදීම සම්බන්ධව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නාතුරු දිවයින පුරා විසිරී සිටින සමෘද්ධි නිලධාරීන් ඩෙංගු මර්ධන වැඩසටහනින් ඉවත්වීමට තීරණය කර ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඩෙංගු වසංගතය පාලනය කිරීම සදහා කැදවන ලද රැස්වීමකට නොපැමිණි සමෘද්ධි නිලධාරියකු ඊයේ (03) මෙලෙස අඹ ගසක බැද තැබුවේය.නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපයට විරෝධය පා උද්ඝෝෂණ පැවැත්වීමට සමස්ත ලංකා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති නිශාන්ත උඩවත්ත ප්‍රකාශ කර සිටියේ සමෘද්ධි අධිකාරියට අයත් සියලුම සංගම් මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා සම්බන්ධ කර ගන්නා බවයි. තවද ඔවුන් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමටද තීරණය කර තිබේ






0 comments:
Post a Comment