පියසෝම උපාලිට ඇත්තටම මොකද වුණේ ?

20 July 2010 ·

පක්ෂ නායකයා විසින් තමාව අත්තනෝමතික ලෙස එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එලවා ඇතැයි, පියසෝම උපාලි මහතා නගන චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් අද එ.ජා.ප. මහ‍ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක වෙත මෙම පැනය එල්ල වූ අතර ඔහු සඳහන් කළේ, පියසෝම උපාලි මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් විධිමත් ලෙස ඔහුට දැනුම් දී ඉවත් කරනු ලැබුවේ පසුගිය මැයි 04 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිසා ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඔහුට සහභාගී වීමට අවස්ථාව ලබා නොදුන් බවයි.


කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු ඇතිකිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියසෝම උපාලි මහතා ඉවත් කළ බවත් පක්ෂ නායකයාට පැවරෙන බලතල අනුව ඔහුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර තිබුණු බවත් අත්තනායක මහතා කීය.


ගියවර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආරාධනාවක් නොමැතිව උපාලි මහතා සහභාගී වී සිටි අවස්ථාවේදී ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දැනුම් දුන්නද ඊයේ පැවැත්වුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමටද බලහත්කාරයෙන් සහභාගී වීමට හෙතෙම පැමිණි බව එ.ජා.ප. මහ ලේකම්වරයා සඳහන් කළේය.


ආරක්ෂක අංශ විසින් පියසෝම උපාලි මහතාට එම රැස්වීමට සහභාගී වීමට අවස්ථාව ලබානොදුන් බව හෙතෙම වැඩිදුර‍ටත් කීය.


කෙසේවෙතත්, පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයෙකුද වූ පියසෝම උපාලි මහතා ඊයේ චෝදනා කරමින් පැවසුවේ කිසිදු දැනුම් දීමකින් තොරව අත්‍තනෝමතික අයුරින් තමාව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එලවා ඇති බවයි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.