ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සිරගත වීමට තමන් සූදානම් බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී කියයි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ය.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ප‍්‍රමාදවීම හේතුවෙන් ඔහුට අදාළ ප‍්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පැමිනීමෙන් පසු එම ප‍්‍රශ්නය ඇසීමට ඉඩ ලැබිය යුතු බවයි.
මෙහිදී විපක්ෂ නායකවරයාද සිරගත කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියා සිටි අතර ජනතාව වෙනුවෙන් සිරගත වීමට සූදානම් බව විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.
එපමණක් නොව වත්මන් අයවැය ලේඛණය පිළිබද සාකච්ඡා කිරීමට වඩා ජනතාව වෙනුවෙන් සිරගතවීම සුදුසු බවද රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.






2 comments:
කොල්ලො ටිකක් එක්ක ලොක් කරපු කාමරේක හිරවෙලා ඉන්න එක මොන තරම් සොමි වැඩක්ද...නේද සර්!!!!
අපේ ගරු විපක්ෂ නායකතුමා ජනතාව වෙනුවෙන් ඔහුගේ ඇති කැප වීම දැනටමත් කසාදයක් කර ගැනීම තුළින්ම පෙන්නුම් කර ඇත. ජනතාවගෙ හිත දිනා ගන්නය කියා මහින්ද වැනි දේශපාලයෙකු මළාට වෙනත් පිරිමියකු සමග ජීවිත කාලයක්ම එක ගෙයි විසීමට එක යහනේ නිදියෑමට ගිවිස ගනු ඇද්ද?
Post a Comment