"යූඑස්ඒ පර්ල් හාබර්" නැමැති ඇමරිකානු යුද නැව ඊයේ උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණ නැංගුරම්ලා ඇති බව වාර්තාවේ. වරයා ආරංචිමාර්ග පවසන ආකාරයට මෙම යුද නැව පැමිණීමට ප්‍රථම නෞකාව වරායෙන් පිටතට පෙනීම වැළැක්වීම සදහා කන්ටේනර් විශාල ප්‍රමාණයක් වලයාකාරව නවතා තැබීමට පාලනාධිකාරිය කටයුතු කළ බවයි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පැවසුවේ මෙම නෞකාව ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැමිණෙන ලද්දක් බවයි. එය දින තුනක් ත්‍රිකුණාමලය වරායේ නවතා තැබීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කළේය.






0 comments:
Post a Comment