ලබන සඳුදා සවස් වරුවේ පැවැත්වීමට නියමිත එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එ.ජා.ප. ප්‍රතිසංවිධාන යෝජනාවල තිබෙන අඩුපාඩුකම් ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස් කිරීමට සූදානම් බව, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව වඩාත් අවධානයෙන් සිටින දිවංගත ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ “විමසුම” කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
“ලබන සඳුදා සවස් වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වෙනවා. එහිදී, ප්‍රතිසංවිධාන යෝජනා සියල්ලක්ම සාකච්ඡාවට භාජනය කර බලාපොරොත්තු වෙනවා එහි ධනාත්මක ගුණාංගයන් ඉදිරියට ගෙන යාමටත්, අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා නිවැරදි කිරීමටත්. එ.ජා.ප. ප්‍රතිසංවිධාන නිර්දේශ පිළිබඳව නිවැරදි කරුණු කාරණා දත්තයන් පිළිබඳව අපි සියල්ලක්ම දන්නෙ නෑ.”
යනුවෙන් හෙතෙම පැවසීය.
මෙහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පැවසුවේ, පක්ෂ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු සඳහා සම්මුතියක් ඇති නොවී තරගකාරීත්වයක් ඇතිවන්නේ නම් ඡන්ද විමසීමක් සිදුකිරීමට නිර්දේශ කර තිබුණත් එම ඡන්දයට පක්ෂයේ පළාත් සභා, පාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන්ට මෙන්ම ආසන සංවිධායකවරුන්ට අවස්ථාව සලසා නොතිබීම බරපතල අඩුපාඩුවක් බවයි.
එම අඩුපාඩුවද ලබන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස් කිරීමට සූදානම් බව හෙතෙම කීය.
ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ඊයේ විපක්ෂ නායකවරයා හා රජය අතර සිදුවූ සාකච්ඡා පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පළ කළේය.
“ඒ කරපු සාකච්ඡා පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තවමත් දැනුවත් කර නෑ. ඒ දැනුවත් කිරීමත් ලබන සඳුදාට සිදුවෙයි. එම තොරතුරු අනුව අපිට නිගමනයකට එන්න පුළුවන්.”






0 comments:
Post a Comment