කැලණිය ප්‍රදේශයේ මින් ඉදිරියට ඩෙංගු රෝගය වැළඳී කවර අයෙකුහෝ මිය ගියහොත් එම මරණය පිළිබඳව වගකිවයුතු ප්‍රදේශයේ ග්‍රාමසේවානිලධාරියා, සමෘද්ධි නිලධාරියා, සෞඛ්‍ය නිලධාරියා සහප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු නිලධාරීන් එම මරණකරුගේ නිවස ඉදිරිපිටට ගෙන ගොස් ගස් බඳින බව මහා මාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතාඊයේ (28 ) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.ප්‍රදේශයේ ඩෙංගු උවදුර මැඬලීම සඳහා ලබන 1 වැනිදාමහා පරිමාණයෙන් ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනබවත් මානව හිමිකම් නීති තමාට අවශ්‍ය නැති බවත් තමාට පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය වීඇත්තේ ඩෙංගු උවදුරුවලින් මිනිසුන් බේරාගැනීම බව අවධාරණය කළේය.
මෙම පුවත්පත් සාකච්ඡාවට කැලණි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේමධ්‍යම සංවිධානයේ ලේකම් ප්‍රාදේශීය සභාපති සරත් චන්ද්‍රඩයස්, කැලණි ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල, ප්‍රාදේශීය සභාමන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් දසහභාගි වූහ.






0 comments:
Post a Comment