පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒආර්එම් අබ්දුල් කාදර් මහතා එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබූ බව එම පක්ෂය පවසයි.මේවන විට පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් කාදර් මන්ත්‍රීවරයාට ඒ බව දැනුම්දී තිබේ.
කාදර් මන්ත්‍රීවරයා පක්ෂයේ පොදු තීන්දුවට පිටින් යමින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට සහහ පළ කිරීම හේතුවෙන් මෙලෙස ඔහුගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඉවත් කළ බවත් ඔහු පක්ෂ විනය කමිටුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අත්තනායක මහතා එම ලිපිය මගින් දැනුම්දී තිබේ.






0 comments:
Post a Comment