ප්‍රේමදාස ක්‍රීඩාංගනය ගැන, ICC අවධානයෙන්

08 June 2010 ·

ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිත මෙරට‍ නව ක්‍රීඩාංගනවල ඉදිකිරීම් නියමිත කාලයට සිදුවුවත් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අළුත් වැඩියා කටයුතු ප්‍රමාද බව අයි.සී.සී.ය කියයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද මේ බව සඳහන් කර තිබෙන බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ හා අළුතින් හම්බන්තොට සූරියවැව ඉදිවන ක්‍රීඩාංගනයේ ඉදිකිරීමේ කටයුතු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව සිදුකෙරුණත් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තනතීරුවේ අළුත්වැඩියා කටයුතු පිළිබඳව සෑහීමකට පත් නොවන බව පවසා ඇතැයි සඳහන්ය.


මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන එක්දින තරග 12 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.


ලෝක කුසලාන තරගාවලියට පෙර පල්ලෙකැලේ හා සූරියවැව ක්‍රීඩාංගනවල ජාත්‍යන්තර තරග පැවැත්වීමට හැකිබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තනතීරු පිළිබඳ උපදේශක ඇන්ඩි එට්කින්සන් සඳහන් කර තිබෙන අතර ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ, ලෝක කුසලාන තරගාවලියට පෙර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේද ජාත්‍යන්තර තරග කිහිපයක් පැවැත්වීමට අවශ්‍ය බවයි.


ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තනතීරුව අළුත් වැඩියා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩොලර් මිලියන අටක පමණ මුදලක් වැයකිරීමට නියමිතය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.