පුරා විද්‍යාත්මක වැදගත් කමකින් යුක්ත දඹ රන්යැයි සැකකරන කිලෝ තුනයි ග්රෑම් 950 ක් වන බුදුපිළිමයක් ප්‍රවාහනය කරමින් තිබියදී කුරුවිටදී අත්අඩංගුවට පත්වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කරන්නේ, කුරුවිට පොලිස් ස්ථානය ඉදිරිපිටදී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම බුදුපිළිමය සොයාගත් බවත් එම වෑන් රථයේ සිටි පුද්ගලයින් 09 දෙනෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගත් බවයි.
මෙම බුදුපිළිමය පරීක්ෂාකළ අවිස්සාවේල්ල පුරා විද්‍යා කාර්යාලයේ නිළධාරීන් විසින් මෙය පුරාවිද්‍යාත්මක ලෙස වැදගත් එකක් ලෙස අනාවරණය කරගෙන තිබෙන බවත් අදාළ බුදුපිළිමය කැප්පෙටිපොළ ප්‍රදේශයේ සිවුරු අත්හැරි පුද්ගලයෙකු අදාළ පිරිසට දුන් බව ඔවුන් පැවසූ බවත් පොලීසිය කියයි.
කුරුවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






0 comments:
Post a Comment