තමා අමාත්‍යධූරය දරන කාලය තුල සකසන මහාමාර්ග අබලන් වුවහොත් එය සිදුකළ කොන්ත්‍රාත්කරු කණුවක ගැටගසා පාරේ හිටවා තබන බව නියෝජ්‍ය මහාමාර්ග ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට ආශිර්වාද පතා පසුගිය 07 වැනිදා කැළණිය රජමහ විහාරස්ථානයේ පැවැති පින්කමකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මහාමාර්ග තැනීමේදී වංචා කරන නිලධාරීන්ට එරෙහිව නීති මගින් දඩුවම් ලබා දෙන බවත්, අබලන්වූ මාර්ග සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් ඒවා ඔහු වෙත ඉදිරිපත් කරන ලෙසත් පැවසීය. එමෙන්ම ඉදිරියේදී මාර්ග තැනීමේදී විහාරස්ථාන කේන්ද්‍රකරගෙන ඒවා සකස් කිරීමට මූලිකත්වය දෙන බවද ඔහු පැවසීය.






0 comments:
Post a Comment