රනිල් බලය තහවුරුකර ගනී - ලංකා ඉරිදා සංග්‍රහය

03 June 2010 ·

පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ ප්‍රති සංවිධානය පිළිබදව මතුවී තිබූ ප්‍රශ්නය හමුවේ යළි බලය තහවුරු කර ගැනීමට රනිල් වික්‍රමසංහ මහතා සමත්ව ඇතැයි මේ ඉරිදා ලංකා ඉරිදා සංග්‍රහය පුවත්පත වාර්තා කරයි. පුවත්පත වාර්තා කරන ආකාරයට, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව නායකයෙකු පත්කළ යුතු බවට පසුගිය කාලයේ මතයක් ඇතිවී තිබිණි. නව නායකත්වය සදහා සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම රවී කරුණානායක මහතාද තරග කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර එ.ජා.ප. ප්‍රතිසංවිධානය සදහා යෝජනා සකස් කිරීමට ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක්ද පත්කර තිබිණි. එම කමිටුව හමුවේ අදහස් දැක්වූ රනිල් විරෝධී පිළේ බොහෝ දෙනා පවසා තිබෙන්නේ පක්ෂ නායකත්වය ඡන්දයෙන් තෝරාපත්කරගතයුතු බවයි.


මේ අතර මෙම බල අරගලයේදී සූක්ෂම ලෙස බලය තහවුරුකර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්වී ඇත. මුලින් මධ්‍යම පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු හා එ.ජා.ප. නීතිඥ සංගමය වික්‍රමසිංහ මහතාගේ මත ප්‍රතික්ෂේප කරමින් කැරලිකාරී ලෙස හැසිරුනත් මේවන විට ඒවා පාලනය කිරීමට වික්‍රමසිංහ මහතා සමත්වී ඇත. මේ බව හොදින්ම පෙනී ගියේ ජුනි 01වනදා එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරු පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබදව සිය අදහස් දැක්වූ අවස්ථාවේදී යැයි විචාරකයෝ පවසති. පසුගිය 01 වනදාත් සිරිකොත මන්දිරයේදී පළාත් සභා මන්ත්‍රීවරු එ.ජා.ප. ප්‍රතිසංවිධාන කමිටුව හමුවී ඇත. එහිදී පක්ෂ ලේකම් සහ භාණ්ඩාගාරික හැර සෙසු නිලයන් ඡන්දයෙන් තෝරාපත්කර ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟවූ බව පැවසූ ප්‍රතිසංවිධාන කමිටුව ඒ සදහා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසා ඇත. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවද අදහස් පළවී ඇතිමුත් බහුතර මතය වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාත මතයයි. ඒ අනුව පක්ෂ නායකයා ඡන්දයෙන් තෝරා ගැනීම සිදු නොකළ යුතු බවට යෝජනාවී ඇති අතර වික්‍රමසිංහ මහතා පිළිබද මන්ත්‍රීවරු විශ්වාසය පළකර ඇත.


මෙම සිදුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තුළ පැවැති බල අරගලයේ තීරණාත්මක ජයග්‍රහණයක් ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකත්වයෙන් ඉවත්විය යුතු බවට අදහස් කරන බොහෝ පක්ෂ නායකයන් සිටියද ඒ වෙනුවට නායකත්වයට පත්කරන පුද්ගලයා පිළිබදව ඔවුන් අතර එකඟතාවයක් නොතිබිණි. පක්ෂය තුළ සිය නායකත්වය තහවුරුකර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට එම තත්වයද උපකාරීවූ බව අප සමග අදහස් දැක්වූ එ.ජා.ප. ප්‍රබලයෙක් පැවසීය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.