මත්පැන් සදහා අයකරන බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති අතර දේශීය මත්පැන් ලීටරයකින් රුපියල් 50ක බද්දක් අයකරනු ඇත. විදේශීය මත්පැන්වලින්ද ලීටරයකට රුපියල් 50ක බද්දක් අයකරන බව වාර්තාවේ. වයින් ලීටරයකින්ද රුපියල් 50ක බද්දක් අයකිරීමට රජය තීරණය කර ඇත.මේ අනුව අද සිට මෙරට නිෂ්පාදිත මත්පැන් ලීටරයක් රුපියල් 660ක්ද, ආනයනික විදේශීය මත්පැන් ලීටරයක් රුපියල් 790ක්ද වයින් ලීටරයක් රුපියල් 515ක් දක්වාද මිල ඉහල ගොස් ඇත.






0 comments:
Post a Comment