ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය සංචාරයේ දී එරට සමඟ අත්සන් කෙරුණු ගිවිසුම් හත අතරට '' සිපා'' වෙළඳ ගිවිසුම අයත් නොවන බව විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් මෙම ''සීපා ''වෙළඳ ගිවිසුම පිළිබඳ බියක් ඇති කොට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කොට ඇත.තත්ත්වය එසේ වුවද ඉන්දියාවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ගිවිසුමට අත්සන් තබා නැත.
මේ අතර ''සීපා'' ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව ඉන්දියානු රජයද ශ්‍රී ලංකා රජයට කිසිදු බලපෑමක් කළේ නැතැයි විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.ඉන්දීය හා ශ්‍රී ලංකා රජය වෙනත් ක්ෂේත්‍ර කිහිපයකට අදාල ගිවිසුම් ජනාධිපතිතුමාගේ නිල සංචාරයේ දී අත්සන් කෙරිණි.






0 comments:
Post a Comment