අයිෆා ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් තරු සහ ඉන්දීය සිනමා තරු අතර පැවැති සුහද ක්‍රිකට් තරගයේ ක්‍රීඩකයකු ලෙස ජනාධිපති පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා කිරීමට පැමිණීම කාගේත් විමතියට හේතුවක් විය.
ඔහු සංගක්කාරගේ නායකත්වය යටතේ පැවැති කණ්ඩායමට පැමිණියේ එම කණ්ඩායම එක් තරගයක් ජයග්‍රහණය කර තිබියදීය. එමෙන්ම ඔහුගේ මෙම හදිසි පැමිණීම වෙනුවෙන් එක් ක්‍රීඩකයකු එම කණ්ඩායමෙන් ඉවත්කර තිබිණි. එමෙන්ම තරගය ආරම්භ කිරීමට පෙර සුපිරි නළු රිතික් රෝෂන් ප්‍රෙක්ෂකයන්ට ආචාර කිරීම සදහා ක්‍රීඩා පිටිය වටා යාමට සැරසුණු අවස්ථාවේ එම රථයට නාමල් රාජපක්ෂ මහතාද එකතු විය.








0 comments:
Post a Comment