මයිකල් ජැක්සන් ගැන තව කට කතාවක්

02 June 2010 ·

පොප් සංගීතයේ රජු ලෙස විරුදාවලිය ලත් මයිකල් ජැක්සන් මෙලොවින් සමුගෙන වසරකුත් ගතවෙලා. එහෙත් අදටත් ඔහු ගැන කියැවෙන කටකතාවලින් නම් අඩුවක් නැති තරම්.


සුපිරි පොප් ගායකයාගේ ජීවිත කතාවේ නව පිටුවක් පෙරැළීමට මෙවර කරළියට පැමිණ ඇත්තේ ජේසන් ෆයිෆර් නමැත්තෙක්. මයිකල් ජැක්සන් සහ ඔහු අතර තිබූ විශේෂ (සමලිංගික) සබඳතාව ගැනයි ඔහු මාධ්‍යයට අනාවරණය කර ඇත්තේ. ජේසන්ගේ මේ ප්‍රකාශය සනාථ කරන්න තවත් කෙනෙකු එකතු වුණා.


ඒ තමයි මයිකල් ගේ පැරැණි මිතුරකු හා මයිකල්ගේ පළමු දරුවන් දෙදෙනාගේ නියම පියා යැයි සැලකෙන දොස්තර ආර්නෝල්ඩ් ක්ලයින්. ප්‍රකට චර්මරෝග විශේෂඥයකු වන ආර්නෝල්ඩ්ගේ දෙවැනියා ලෙසයි ජේසන් සේවය කර ඇත්තේ. මේ වනවිට නම් ජේසන් ඔහුගේ ම වෛද්‍ය සායනයක් පවත්වාගෙන යනවා.

ජේසන් පවසන අන්දමට ඔහුට මයිකල් මුල්වරට මුණ ගැසී ඇත්තේ 2008 දොස්තර ආර්නෝල්ඩ් ගේ වෛද්‍ය සායනයේදීයි. දෙදෙනා එකිනෙකා දුටු සැණින් එකිනෙකාට ආකර්ෂණය වුණා යැයි ජේසන් පවසනවා. එලෙස ඇරැඹුණු සබඳතාව මයිකල් මෙලොවින් සමුගන්නා තුරුම පැවතුණාලු.


ඔවුන්ගේ මේ අසාමාන්‍ය සබඳතාව ගොඩනැඟීමට හේතුවී ඇත්තේ දෙදෙනාගේ ම ළදරු වියයි. දිනක් ජේසන් සහ මයිකල් ඔවුන්ගේ අතීතය සිහිපත් කරමින් සිටින විටකදී ඔවුන් දෙදෙනාගේම දෙනෙතින් කඳුළු වැගිරෙන්නට පටන් ගත් නිසා ජේසන් ගොස් මයිකල්ව සනසන්නැයි සිතා ඔහුව වැළඳගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ ඒ වැළඳගැනීම ජේසන් හා මයිකල් අතර දැඩි ආදරයකට මුලපුරා තිබෙනවා.


මේ ආරංචිය මාධ්‍ය පුරා පැතිරීමත් සමඟ සියලු දෙනාගේම ප්‍රශ්නය වුණේ මයිකල් මිය යන තුරුම තමා සමලිංගිකයකු නොවන බව තරයේම කියා සිටීමයි. ඔහු මැරුණු පසු මෙවැනි පුවතක් මවන්නේ ඇයි? මයිකල් මිය යනතුරුම සිටියේ ඇයි ඔවුන් මේ බව ප්‍රසිද්ධ කරන්නට? මෙවැනි දේවල් වලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද? බොහෝ දෙනා අසා සිටියා. මෙයටත් කදිම පිළිතුරක් ඉදිරිපත් කර ඇත්තේ දොස්තර ආර්නොල්ඩ් ය.


“ජේසන් හා මයිකල් අතර සබඳතාවයක් තිබුණා යැයි මට පැහැදිලිවම කියන්නට පුළුවනි.


මම අනන්තවත් දැක තිබෙනවා ඔවුන් දෙපල හමු වූ සෑම විටකදීම ඉතාමත් ආදරයෙන් සිටින ආකාරය. මම විතරක් නෙමෙයි ඔවුන් දෙදෙනා දෙස බැලූ ඕනෑම අයෙකුට එය තේරුම් ගන්නට අපහසු නැහැ.


මයිකල් සමලිංගිකයකු නොවෙයි ඔහු ද්විලිංගිකයකු ලෙසයි මම හිතන්නේ මයිකල් - ජේසන් අතර දැඩි ආදරයක් තිබෙන බව මයිකල් ම මට නිතර පවසා තිබෙනවා” යැයි දොස්තර ආර්නෝල්ඩ් පවසා සිටියා. කෙසේ වෙතත් ජේසන් සහ දොස්තර අර්නෝල්ඩ් ගේ මේ එළිදරව්වෙන් පසු ඔවුන්ට නොසෑහෙන්න මරණ තර්ජන ද එල්ල වී තිබෙනවා.


එහෙත් ජේසන් නම් ප්‍රකාශ කර සිටියේ ඔහු මයිකල්ගේ විශ්වාසය කඩ නොකළ බවත් මයිකල්ට එල්ල වී තිබූ අපචාර චෝදනා නිසා ඔහු කලකිරීමෙන් සිටි නිසා ඔහුට වූ අවනම්බුවෙන් බේරාගැනීමට තමා මේ පැහැදිලි කිරීම කළ බවත් ය.


එහෙත් ජේසන් සහ ආර්නෝලඩ් ගේ ප්‍රකාශය ලොව පුරා සිටින මයිකල්ගේ රසිකයන් කොයිආකාරයට පිළිගනීවි ද කියන එකයි ප්‍රශ්නය.



මයිලි මේ දවස්වල ආඩම්බරයෙන්

යොවුන් නිළි මයිලි සයිරිෂ් මේ දිනවල ඉන්නේ ටිකක් ආඩම්බරයෙනුයි. ඒ දැන් ඇය ඩොලර් මිලියන 3.4 වටිනා නිවෙසක හිමිකාරියක් නිසයි.


නොවැම්බර් මාසයේ යෙදෙන ඇගේ උපන්දිනය සැමරීමටයි ලොස් ඇන්ජලිස් නුවරින් ඇය මේ නිවෙස මිලදී ගෙන ඇත්තේ.


මයිලි ගේ නිවෙසේ අලංකාර කිරීමේ කටයුතු පැවරී ඇත්තේ ඇගේ මවටයි. නිවෙස් අලංකරණයේ විශේෂ දක්ෂතාවයන් ඇයට තිබෙනවා.


එහෙත් එකිනෙකාට පරස්පර විරෝධී අදහස් ඇති මේ අම්මයි දුවයි නිවෙස් අලංකාරය කිරීම කෙසේ වෙතත් ගෝරනාඩුවකින් අවසන් වේ දැයි මේ තතු දත් සියල්ලෝම පසු වන්නේ දැඩි විමසිල්ලකිනුයි.


කැතීගෙන් වශීකරණයක්

කැතී හොල්ම්ස් යනු හොලිවුඩයේ සිටින සුරූපී දක්ෂ නිළියක්. මෙතෙක් කල් නිළියක ලෙස ලැබූ ජනප්‍රියතාවයට අමතරව දැන් ඇය ගායිකාවක ලෙසත් කරළියට පැමිණෙන්නට උත්සාහ කරන හැඩයි.


පසුගිය දිනෙක ලොස් ඇන්ජලීස් නුවර පැවැති සංගීත සංදර්ශනයකදී තමයි ඇගේ ගායන හැකියාව උරගා බලා ඇත්තේ. කැතී පළමු වරට ගැයූ ගීතයෙන් ම පැමිණ සිටි සියල්ලන්ගේම සිත් වශී කරගෙන තිබෙනවා.


කැනිගේ මේ උත්සාහයට ඇගේ සැමියා ටොම් කෲස් ගෙන් ද ලැබුණේ නොමඳ අනුග්‍රහයක් කැතී නට නටා ගීතය ගායනා කරද්දී වේදිකාවට පැමිණි ටොම් ඇයත් සමඟ රංගනයෙන් ද දායක වෙලා.


කැතී ගායනා කොට ඇත්තේ 1955 දී තිරගතවූ ‘ඩෑම් යැන්කිස්’ කියන සංගීතමය නාට්‍යයේ ‘What Lola wants, Lola Gets’ යන ගීතයයි. මේ ගීතයෙන් ඇගේ ගායන හැකියාව මනා ලෙස කැපී පෙනුණ යැයි මේ සංදර්ශනය නැරඹීමට පැමිණි සුපිරි තරු කිහිප දෙනෙක් ම පවසා තිබෙනවා. දැන් කවුරුත් බලා සිටින්නේ කැතී ඉදිරියේ දී ගායිකාව ලෙසත් තමාගේ ස්ථාවරත්වය පවත්වා ගනීවි දැයි කියායි.


ලෝකයේ අලංකාරම රූපිකාව බෙකම්

ප්‍රසිද්ධ විලවුන් සහ ආලේපන නිෂ්පාදකයන් වන මැන්ස් ෆැන්ටර් ආයතනය ලොව හොඳම සහ අලංකාරවත්ම නිරූපිකාව තෝරා තිබෙනවා.


මේ මාහැඟි අවස්ථාව හිමි කරගෙන තිබෙන්නේ ‘ස්පයිස් ගර්ල්ස්’ කණ්ඩායමේ හිටපු සාමාජිකාවක වූ වික්ටෝරියා බෙකම්.


පසුගිය වසර ගණනාවකදීම ප්‍රකට විලාසිතා සඟරාවල මැද පිටු සැරසී ඇත්තේ වික්ටෝරියාගේ රුවෙනුයි. මේ තරගයෙන් දෙවැනි ස්ථානය හා තෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ ඩැනි මිනොග් සහ ඇන්ජලීනා ජොලීටයි.


මේ සුරූපිනියන් තිදෙනා තෝරාගෙන තිබෙන්නේ කාන්තාවන් 3000 කගේ අදහස් විමසීමකින් අනතුරුවයි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.