'වර්ෂ පූර්ණ විජයග්‍රහණය සැමරීමේ හමුදා පෙළපාලිය'' අද(18)කොළඹ ගාලුමුවදොර දී අභිමානවත් ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.වසර තිහක කුරිරු ත්‍රස්තවාදයෙන් මව් මුව්බිම මුදාගෙන රටට නිදහස ලබාගැනීමට රණවිරුවන් දැක්වූ අප්‍රතිහත කැපකිරීම සිහිකිරීම උදෙසා මෙම උළෙල පැවැත්විණි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සේනාධිනායකත්වය යටතේ රණවිරුවන්ගේ උදාර කැපවීමක ප්‍රතිඵලයක් ලෙස මෙම විජයග්‍රහණය ලබා වසරක් ගත වී තිබේ.

අද ඉතාමත් අභිමානවත් ලෙස පැවති මෙම සැමරුම් උළෙලට රටට නිදහස උදා කරදුන් ලේ දහඩිය කැප කළ අවසන් සටනේ රණ විරුවෝ ද එක්ව සිටියහ.රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජාකළ රණවිරුවන් වෙනුවෙන් නිහඩතාවය දක්වා ගෞරවය පුදකළ අතර නිදහස් අහස වෙත අභිමානවත් ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවණු ලැබුවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතිනි.
විචිත්‍රවත් උඩු ගුවන් සංදර්ශන හා සයුරේ විස්කම් දැක්වූ ගුවන් හමුදාවෝ හා නාවික හමුදාවෝ උළෙලට නව පිබිදීමක් එක් කළහ.
විජග්‍රනණය සැමරීමේ උත්සවය ඇමතූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රට දැය මුදවා ගැනීමට දිවි නොතකා කටයුතු කළ රණ විරුවන් වෙත ගෞරව ආචාරය පුද කළේ ය.

නොසැලෙන කිත් යසස ප්‍රදර්ශනය කරමින් ත්‍රිවිධ හමුදා හා පොලිසියේ රණවිරුවන්ගේ අභිමානවත් විජයග්‍රාහණයේ පෙළපාලීය ගමන් ඇරඹීය.
මෙම අවස්ථාවට රණවිරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියේ ය.ආරක්ෂ අංශය සතු යුද ශක්තිය ද මෙහිදී ප්‍රදර්ශනය කළේ, පැමිණ සිටින ආරාධිත අමුත්තන් ඇතුලු සැමගේ ආචාරය මධ්‍යයේ ය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රධාන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාපති එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක,යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ජගත් ජයසූරිය,නාවිකහමුදාපති වයිස් අද්මිරල් තිසර සමරසිංහ,පොලිස්පති මහින්ද බාලසූරිය යන මහත්වරු ඇතුළු අවසන් විජයග්‍රහණයට නායකත්වය දුන් යුද සෙනවියෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
තවද, මේ අවස්ථාව දැකබලා ගැනීමට රණවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසක් ද සහභාගී වූ අතර මහජනතාවට ද මෙම අභිමානවත් සැමරුම් උළෙල දැක බලාගැනීමේ අවස්ථාව ලබා දී තිබුණි.

0 comments:
Post a Comment