ඉන්දීය සිනමා උළෙලට අමිතාබ් නැහැ - තවත් බොහෝ අය නොඑන ලකුණු

02 June 2010 ·

amithab.jpgජුනි මස 3 සිට 5 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට එහි ප්‍රධානතම සංවිධායකුවන අමිතාබ් බච්චන් පවා සහභාගී නොවන බව වාර්තාවේ. අද උදෑසන ඉන්දියාවේ එන්ඩීටීවී නිවේදනය කලේ අමිතාබ් මෙම උළෙලට සහභාගී නොවන බවයි. සිය තීරණයට හේතුව ලෙස ඔහු කිසිවක් සදහන් නොකලත් පසුගියදා ඔහුගේ නිවස ඉදිරිපිට දෙමළ කණ්ඩායමක් පැවැත්වූ උද්ඝෝෂණ මෙම තීරණයට බොහෝ දුරට හේතුවන්නට ඇතැයි සැළකේ.




ash_abhishek_.jpgමේ අතර ඉන්දියාවේ ජනප්‍රියම නළු නිලි යුවලක්වන අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දැනටමත් දැනුම්දී තිබේ. කමල් හසන්, රජිනි කාන්ත්, විජේ, සූර්යා, අජිත් ඇතුළු දෙමළ නළු නිලියන් මෙම උළෙලට සහභාගී නොවනු ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ නළු නිලි ක්‍රිකට් altකණ්ඩායමේ සිටි ෂාරුක් ඛාන් සහ අර්ජුන් රාම්පාල් සිය සංචාරයන් සිදු නොකිරීමට තීරණය කර තිබේ.
shah_rukh_khan3.jpg












මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සාර්ථකවීම පිළිබද බරපතල ප්‍රශ්න පැන නැගී තිබේ. ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහි අපරාධ කළ නිසා ලංකාවට නොයන්නැයි දෙමළ ජනතාවගේ උද්ඝෝෂණ පසුගිය කාලය පුරාම තමිල්නාඩුවේ පැවැත්විණි. ඉන්දීය නළු නිලියන්ගේ තීරණවලට මෙම උද්ඝෝෂණ බොහෝ සෙයින් බලපාන්නට ඇතැයි සිතිය හැක. කෙසේ වෙතත්, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව මෙම සිනමා උළෙල සංවිධානය කළද එම සිනමා උළෙල නිසා ලංකාවේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවන උද්ඝෝෂණ ඇති විය.
alt
vijay2.jpgaltkamal_hassan_.jpg

4 comments:

ඉන්දරේ | Indranama said...
June 2, 2010 7:14 AM  

කොපි කලේ කොහෙන්ද කියලා දැම්මනං නේද හොඳ? ගෙඩිපිටින් තමන් ලිව්වා වගේ දාන්නෙ නැතුව?

http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6759:2010-06-02-07-46-21&catid=35:2008-10-13-08-30-14&Itemid=63

Thambapanni said...
June 3, 2010 9:04 PM  

ඔයාලට වගේ කැම්පස් ටෝක්ස් නැහැ අපිට. කොහෙන් කොපි කරල දැම්මත් මම දාන්නේ ප්‍රයෝජනවත් දේවල් විතරයි. අනුන්ගේ ඇද කුද හෙයන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගත්තොත් කාටවත් කරදරයක් නැහැ නේද යාලුවා... මමත් lankatruth එකේ writter කෙනෙක් කියල ඔයා නොදන්න නිසයි ඔයා ඔහොම කියන්නෙ යාලුවා...

ඔබට ජය !

ඉන්දරේ | Indranama said...
June 4, 2010 8:38 AM  

ඔවදනට ස්තූතියි :D

Thambapanni said...
June 5, 2010 4:05 AM  

අපේ සයිට් එකේ අඩුපාඩුවක් කියලදුන්නට ඔයාටත් ස්තුතියි යාලුවා !

ජය වේවා !

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.