රාත්‍රී 9.30 සිට උදෑසන 4.30 දක්වා විදුලි පාරිභෝගිකයන්ට අඩු මිලට විදුලිය ලබාදීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේ. රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා මුළු ශ්‍රී ලංකාවේම අධික විදුලි පරිභෝජනයක් සිදුවන අතර ඒ සඳහා මෙගා වොට් 2000 ක් පමණ වැය වේ. එහෙත් රාත්‍රී 9.30 සිට උදෑසන 4.30 දක්වා මෙගා වොට් 750 දක්වා අඩු විදුලි පරිභෝජනයක් සිදු වෙයි.විදුලි පරිභෝජනය අඩු වුණත් මෙගාවොට් 2000 ක විදුලි ධාරිතාවක් විදුලි බල මණ්ඩලයට නිපදවීමට සිදුවේ. මේ හේතුවෙන් විදුලි නාස්තිය අවම කර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ යටතේ රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවලට ද අවම මිල ගණන්වලට විදුලිය සැපැයීම සිදු කෙරේ. මේ සඳහා විදුලි මිල ගණන් අඩු කිරීමට අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇත.
දහවලදී ජල විදුලි බලාගාරවලින් පහළ බසින ජලය නැවත රාත්‍රී කාලයේදී මෝටර් යොදා ඉහළ දැමීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශය සැලසුම් සකස්කර ඇත.
නිවැසියන් භාවිත කරන විදුලියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ රාත්‍රී 9.30 න් පසුව විදුලිය ආරෝ්පණය (චාජ්) කරන අය සඳහා ද අඩු මිල ගණන් යටතේ් විදුලිය සැපයීමටද විදුලිබල අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
මේ යටතේ සුපිරි මීටර් පද්ධතියක්ද හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් පවතී. ඊට අමතරව විදුලි බිල පෙර ගෙවුම් කරන අය සඳහාත් විශේෂ සහන ලබාදීමට විදුලිබල අමාත්‍යාංශය කටයුතු කර ඇත.
සූර්ය ශක්තියෙන් විදුලිය ලබා ගන්නා නිවෙස් වලට ඔවුන්ට විදුලි බලය අවශ්‍ය නොවන වේලාවට විදුලිබල මණ්ඩලයට සැපයීමේ ක්‍රමවේදයක්ද මේ යටතේ හඳුන්වා දී ඇත. එය දැනට නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වේ.
විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) එම අමාත්‍යාංශයේදී පැවැති වැඩමුළුවකදී මේ බව අනාවරණය විය. විදුලිබල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඕ. කේ. දිසානායක, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් හර්ෂ වික්‍රමසිංහ යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.






2 comments:
මට තියෙන ප්‍රශ්නය තමයි කොහොමද මෙයාල අපි ගෙදර විදුලිය භාවිතා කරන වෙලාව බලා ගන්නේ.
to determine the time there is a special energy meter. This is not a new thing. These type of meters olready use in some other countries. only thin is they are going to thange tha block tariff into time of day(TOD) tariff
Post a Comment