ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර නව අවබෝධතා ගිවිසුම් 7කට නවදිල්ලි නුවරදී අද අත්සන් තැබිණි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ඉදිරිපිටදී එම ගිවිසුම්වලට අත්සන් තැබුණු බවය.
අවබෝධතා ගිවිසුම්වලට සමගාමීව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හයිද්‍රාබාද් අග්‍රමාත්‍ය නිල නිවසේදී නිල හමුවක් පැවැත්විය.
ඉන්දිය විදේශ අමාත්‍ය එස්.එම් ක්‍රිෂ්ණා සහ ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් යන මහත්වරුන් එහි දී එක් අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබිණි.
කුඩා කර්මාන්ත පිළිබද ඉන්දු ලංකා ගිවිසුම අලුත් කිරිම එම අවබෝධතා ගිවිසුම වේ.
ඊට අමතරව ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා සහ ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගෝපාල් ක්‍රිෂ්ණා පිල්ලේ මහතා අතර තවත් ගිවිසුම් දෙකකට අත්සන් තැබිණි.
දඩුවම් නියම වී සිටින සිරකරුවන් හුවමාරු කර ගැනීම සහ අපරාධ කටයුතුවලට අදාළ අන්‍යෝන්‍යය නෛතික ආධාර සැපයීම එම ගිවිසුම් යටතේ සිදුකෙරෙනු ඇත.
ඊට අමතරව වනිතා වෙළෙද පහසුකම් මධ්‍යස්ථානයක් සහ ප්‍රජා අධ්‍යනය මධ්‍යස්ථානයක්, සංස්කෘතික හුවමාරු වැඩසටහන් පිළිබද ගිවිසුමකට මෙන්ම ඉන්දු ලංකා විදුලිබල පද්ධති සම්බන්කිරිම සදහා ශක්‍යතා අධ්‍යනයට අදාළ වු ගිවිසුම් වලටද එහිදී අත්සන් තැබිණි.
එම ගිවිසුම්වලට අත්සන් තැබුවේ ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා සහ ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය විසිනි.
දුම්රිය සාමාන්‍යධිකාරී පි.පි විජේසේකර මහතා සහ ඉන්දිය දුම්රිය මාර්ග කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රි මෝහන් විවාරි මහතා විසින් තලෙයිමන්නාරමේ සිට මඩු දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් සදහා වු ගිවිසුමට අත්සන් තබනු ලැබිණි.






0 comments:
Post a Comment