2009 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් සියයට 9.9 ක් හා සියයට 87 ක්වූ අයවැය හිඟය හා ණය බර 2010 දී පිළිවෙලින් සියයට 08 කට හා සියයට 80 ක් දක්වා අඩු කිරීමට රජය ඇස්තමේන්තු කර ඇතැයි, 2010 අයවැය ඉදිරිපත් කරමින් වැඩ බලන මුදල් අමාත්‍ය සරත් අමුණුගම අද කීය.
මෙවර අයවැය සකස් කිරීමේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇති කිරීම සඳහා 2009 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.7 ක්ව පැවති ආදායම් ගිණුමේ හිඟය 2010 දී 2.1% දක්වා අඩු කිරීමත් රාජ්‍ය ආයෝජන සියයට 6.5 ක මට්ටමක පවත්වා ගෙන යාමත් බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, පසුගිය ජනාධිපතිවරණ සමයේ රජය පොරොන්දු වූ වැටුප් වර්ධක ලබාදීමට අදාළ යෝජනා ලබන නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට නියමිත 2011 අයවැයට ඇතුළත් කරන බවද හෙතෙම කීය.
වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් යුතුව එම වැටුප් ව්‍යුහය සකස් කරන බවත් එහිදී ජනාධිපතිවරයා විසින් සිය මුල් අයවැය කතාවේදී පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් 7,900 සිට 11,730 දක්වා වැඩි කිරීමට එකඟ වූ බවත් අනෙකුත් දීමනා ලෙස රුපියල් 5250 ක් රජයේ සේවකයින් ලබන බවත් කීය. එමෙන්ම, දැනට කිසිදු ආකාරයක විශ්‍රාම වැටුප් ක්‍රමයකින් ආවරණය නොවන රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාමික අරමුදලක් පිහිටුවීමටද රජයේ අවධානය යොමුව පවතින බවත් විධිමත් සමාජ ආරක්ෂක ජාලයක් ක්‍රියාත්මක කිරීමටද රජය අදහස් කර ඇති බවත් හෙතෙම පැවසීය.
මෙවර අයවැයෙන් ජනතාවට මතු දැක්වෙන සහන ලබා දෙනබව අයවැය කතාව ඉදිරිපත් කරමින් වැඩ බලන මුදල් අමාත්‍ය සරත් අමුණුගම සඳහන් කළේය.
මිලියන 03 ක් වන පාසල් ළමුන් වෙනුවෙන්, නොමිලේ පැසැල් පොත්, නිළ ඇදුම්, පෝෂ්‍යදායී ආහාර, ගමනාගමනය සඳහා සහනාධාර, ශිෂ්‍යත්ව ආදිය සුරක්ෂිත කිරිම සඳහා රුපියල් මිලියන 7363 ක්
74,000 ක් වන ගැබිණි හා කිරිදෙන මව්වරුන් හා ළදරුවන්ගේ පෝෂණය වර්ධනය සඳහා රුපියල් මිලියන 2500 ක්
ශුභ සාධන කඳවුරුවල සිටින 25,000 ක් පමණ වන අවතැන් වූ පිරිස් වෙනුවෙන් වියලි සලාක හා ආහාර සඳහා රුපියල් මිලියන 7500 ක්
සමෘද්ධි සහනාධාර සඳහා රුපියල් මිලියන 9300 ක්
විශ්‍රාම වැටුප් හා ආබාධිත රණවිරුවන් පුනරුත්ථාපනයට රුපියල් මිලියන 102,500 ක්.
පොහොර සහනාධාර,ණය පොලී සහන හා සහතික මිලට වී මිලදී ගැනීමට රුපියල් මිලියන 35,000 ක්
නිදහස් සුව සේවා කටයුතු සඳහා රුපියල් මිලියන 13,300 ක්
සහනදායී ගමන් පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයට හා ලංගමයට රුපියල් මිලියන 6650 ක්.






0 comments:
Post a Comment