ශ්‍රී ලංකාවේ අන්තර් පළාත් පන්දු වාර 20-20 ක්‍රීකට් තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩක සහභාගිත්වය ලබා දිමට ශ්‍රී ලංකා ක්‍රීකට් අවධානය යොමු කර ඇතැයි, ප්‍රංශ පුවත් සේවය කියයි.
ක්‍රීකට් තේරිමි කමිටු ප්‍රධානි අරවින්ද ද සිල්වා මහතා උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවිලියට සමාන වාණිජ මුහුණුවරකින් මෙම තරගාවලි ඉදිරියේදි සංවිධානය කිරිමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා විදේශ අනුග්‍රහකත්වය හා ක්‍රීඩක සහභාගිත්වය ලබා ගැනිමට කටයුතු කරන බවයි.
විශේෂයෙන් ඉන්දියාව ප්‍රමුඛ අසල් වැසි රටවල ක්‍රීඩක සහභාගිත්වය මුලින්ම අපේක්ෂා කරන බවද අරවින්ද ද සිල්වා මහතා පවසා ඇත.







0 comments:
Post a Comment