පාරිභෝගිකයින්ට සහන සැලසීමට හා සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට Shell Gas සමාගම රජයට පවරා ගැනීමට කටයුතු කරන ලෙස අන්තර් සමාගම් සේවක සංගමය රජයෙන් ඉල්ලා ඇත. එම සංගමය පවසන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත්ව තිබූ ලංකා ගැස් සමාගම පැවැති පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ පෞද්ගලීකරණය කිරීමේදී එහි කොටස් අයිතියෙන් 51% ක් ෂෙල් ගෑස් සමාගම සතු කර ගත් බවත්, ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් 700 ක් පමණ දෙනා ෂෙල් සමාගමේ ස්ථිර සේවකයින් ලෙස අනුයුක්ත කළ බවයි.නමුත් මේ වන විට ෂෙල් ගැස් සමාගම මාධ්‍ය වෙත කරුණු දක්වමින් පවසා සිටින්නේ තමන් දැනට සිදු කරන එල්.පී. ගෑස් සැපයුමෙන් ඉවත්වන බව පවසන අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කරන්නේ මෙයින් පාරිභෝගික ගෑස් සැපයීමේ සේවාවත්, එහි සේවය කරන සේවකයින්ගේ රැකියාවේ සුරක්ෂිත භාවයක් සම්බන්ධයෙන් මේ වන විට ගැටළුවක් මතුව ඇති බවයි.
ලංකා ගෑස් සමාගම අහිමිවීම නිසා පීඩාවට පත්වූ පාරිභෝගිකයින්ට නැවත සහන මිලට ගෑස් මිලදී ගැනීමට හැකිවන ලෙස කටයුතු කිරීම අක්නොහැරිය හැකි අවස්ථාවක් බැවින් වෙළඳපොළ තුළ දී පාරිභෝගිකයාට සාධාරණ මිලට ගෑස් ලබාදීය හැකි තත්ත්වයක් ඇති කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස අන්තර් සමාගම් සේවක සංගමය රජයට යෝජනා කර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට මෙන්ම සේවකයින්ට ද සහන සැලසිය හැකි බැවින් ෂෙල් ගෑස් සමාගම වහාම රජයට එක් කර ගැනීමෙ වෙනුවෙන් මැදිහත් වන ලෙස එම සංගමය පවසයි.






0 comments:
Post a Comment