ප්‍රදේශ රැසකට දැඩි වැස්සෙන් ගංවතුර

14 May 2010 ·

අද පෙරවරුවේ සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කළුතර, නුවරඑළිය, යන දිස්ත්‍රික්කයන්හි දැඩි අලාභහානි සිදුව ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද පෙරවරු 8.30 සිට 11.30 දක්වා වූ පැය තුනක කාලය තුළ කොළඹ ප්‍රදේශයට මිලිමිටර් 114.8 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. රත්මලාන සහ කටුනායක යන ප්‍රදේශවලට වැඩිම වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ගයනා හෙන්ද්‍රවිතාරණ මහත්මිය පැවසුවාය. එයට අමතරව අද උදෑසන 8.30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් නෑබොඩ ප්‍රදේශයට ලැබී තිබුණි. එය මිලිමීටර් 101 කි.

මේ අතර වර්ෂාවත් සමග කොළඹ, ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද දක්නට ඇත. කොළඹ, කළුතර, නුවරඑළිය, දිස්ත‍්‍රික්කයන්හි පවුල් 3297කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නුවරඑළියට ටොනේඩෝ සුළි සුළඟක් ද ඇති වී ඇත. කොළඹ දිස්ත‍්‍රික්කයේ පවුල් 3120ක් ද, කළුතර පවුල් 175ක් ද, නුවරඑළියේ පවුල් 13ක් ද මෙලෙස පීඩාවට පත්ව ඇත. කොළඹ නගර සීමාවට අයත් අලූත්කඩේ, ග‍්‍රෑන්ඩ් පාස්, හුණුපිටිය, බ්ලූමැන්ඩල් හා නවගම්පුර ප‍්‍රදේශවල නිවාස වැසි ජලයෙන් යට වී ඇත.
03.jpg
alt
alt

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.