‘ත්‍රී ඉඩියට්ස්’ අයිෆා උළෙලේ කිරුළ පලඳින හැඩ

27 May 2010 ·

ජූනි මාසයේදී අපේ රට තුළ සුවිශේෂ වූ අන්තර්ජාතික සිනමා උළෙලක් පැවැත්වෙනවා. ඒ, අයිෆා (IIFA) සිනමා සම්මාන උළෙලයි. අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමිය (International Indian Film Acadamy) මඟින් පවත්වනු ලබන මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ ජූනි 3 දා සිට 5 දා දක්වා කොළඹදියි.


මෙම සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ගණනක් ලබාගැනීම සඳහා යෝජිතව සිටින්නේ අමිර් ඛාන් ප්‍රධාන චරිතයක් රඟපෑ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයයි. රාජ් කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ, විදූ විනෝද් චොප්රා නිෂ්පාදනය කළ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටය ශ්‍රී ලාංකේය පේ‍්‍රක්ෂකයන් ද පිනවමින් පසුගිය කාලයේදී කොළඹදී ප්‍රදර්ශනය කෙරුණා.


අලුත්ම ආරංචිවලට අනුව දැනගන්නට ලැබී තිබෙන්නේ හොඳම සහය නිළිය වෙනුවෙන් වූ සම්මාන ලැයිස්තුව හැර, අනෙකුත් සම්මාන රැසක් වෙනුවෙන් ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටය යෝජනා වී ඇති බවයි. විශේෂයෙන්ම, වසරේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂවරයා ඇතුළු අංශ 14 ක් වෙනුවෙන් මේ චිත්‍රපටයට දායකවූ, ශිල්පීන්ගේ, නම් යෝජනා වී තිබෙනවා.


‘ත්‍රී ඉඩියට්ස්’ සමග මෙවර තරග වදින්නේ සායිෆ් අලි ඛාන් රඟපෑ ‘ලව් ආජ්කල්’, අමිතාබ් භච්චන් රඟපෑ ‘පා’, සහ ශාහිද් කපූර් රඟ පෑ ‘කමිනේ’ යන චිත්‍රපටයි.


මේ අතරින් ‘ලව් ආජ්කල්’ චිත්‍රපටයට දායක වූ නළු නිළියන් සහ සෙසු ශිල්පීන්ගේ නම් 9 ක්ද සම්මාන ලබාදීමට යෝජනා වී තිබෙනවා. (අමිතාබ් භච්චන් ‘අයිෆා’ චිත්‍රපට උළෙලේ විශේෂ සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරනවා.) ‘කමිනේ’ චිත්‍රපටය වෙනුවෙන් ද සම්මාන 9 ක් සඳහා නම් යෝජනා වී තිබෙනවා. “අයිෆා චිත්‍රපට උළෙලේ දෙවැනි දශකය ඇරැඹෙන්නේ කොළඹින්.


මෙවර සම්මාන සඳහා තෝරාගෙන ඇත්තේ 2009 දී තිරගතවූ චිත්‍රපටයි. මේ චිත්‍රපට වෙනුවෙන් පිරිනැමෙන සම්මාන නිසා ‘අයිෆා’ උළෙල තවත් විචිත්‍රවත් වෙනවාට කිසිම සැකයක් නැහැ.” මෙසේ පැවසුවේ ‘අයිෆා’ සම්මාන උළෙලේ අධ්‍යක්ෂවරයකු වන සබ්බාස් ජෝශප්.



රන්බීර් - දීපිකා කොයි අතටද?

බොලිවුඩ් සිනමා රසික රසිකාවියන් උන්මාදයට පත් කළ යුවළක් තමයි රන්බීර් සහ දීපිකා. මේ දෙදෙනා ගැන පසුගිය කාලයේ තුළ මෙන්ම අදත් කවුරු කවුරුත් කතා කරනවා.


රන්බීර් කපූර් සහ දීපිකා පදුකෝන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිත ගැනයි වත්මන් යොවුන් පරපුර වඩාත්ම උනන්දු වන්නේ. ඒ ඇයි කියල අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. ඒ, ඔවුන් දෙදෙනා ටික කාලයක් පෙම්වතුන් වී හිටියත් ඒ ආදරය මෑතකදී බිඳ වැටුණු නිසයි.


රන්බීර් - දීපිකා පෙමින් බැඳුණු පසුවත් ඒ පෙම බිඳ වැටුණු පසුවත් ගෙතුණු කතා අපමණයි. මේ කතා ඇසූ රන්බීර් සහ දීපිකාගේ මිතුරු මිතුරියන් වැඩියෙන්ම උනන්දු වුණේ ඔවුන් දෙදෙනා යළි සමගි කරවන්නයි.


එය බහුතර රසික පිරිසගේ ද ප්‍රාර්ථනාව වුණා. නමුත් දෙදෙනා ළං වන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. කවුරුනුත් ඒ ගැන දුක් වුණා.


නමුත් මීට සති කිහිපයකට පෙර දැනගන්නට ලැබුණු එක්තරා පුවතකින් දීපිකාගේත් රන්බීර්ගේත් රසික පිරිස් අමන්දානන්දයට පත්වුණා. ඒ පුවතින් කියැවුණේ මේ දෙදෙනා හදිසියේම චිත්‍රපටයක් බලන්නට මුම්බායි නගරයේ සුපිරි සිනමා සංකීර්ණයකට පැමිණියා ය කියලයි. (සුපිරි සිනමා සංකීර්ණ අද ඉන්දියාවේ බොහොමයක් ස්ථානවල පිහිටුවා තිබෙනවා. මෙම එක් සිනමා සංකීර්ණයක සිනමා ශාලා කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා.)


මෙවැනි සිනමා සංකීර්ණයක එක් සිනමා ශාලාවකටයි රන්බීර් සහ දීපිකා පැමිණ ඇත්තේ. පේ‍්‍රක්ෂකාගාරයේ රසික පිරිස් ඔවුන් දෙදෙනා දෙස දෑස් දල්වා විමතියෙන් මෙන් බලා සිටිද්දී උදෑසන 10.45 චිත්‍රපට දර්ශනය නරඹන්නට දෙදෙනා පැමිණියේ සිනහ සපිරි මුහුණුවලින්ලු.


‘එහෙනම්, රන්බීර් - දීපිකා අමනාපය ඉවරයි වගේ.’ මෙවැනි කසුකුසු සිනමා ශාලාව පුරා පැතිරුණේ විදුලි වේගයෙන්. රන්බීර්ටත් දීපිකාටත් ආදරය කරන රසික පිරිස් එහිදී ඔවුන් දෙදෙනාට සුබ පැතුවා.


සිනමා ශාලාවේදී මේ පෙම් යුවළ ප්‍රසිද්ධියේ එකට සිටියත් ඉන් පසු සති දෙක තුනක් ගතවනතුරු කිසිම ආරංචියක් දැන ගන්නට ලැබුණේ නැහැ. කවුරුත් හිතුවේ රන්බීර් සහ දීපිකා අතර සැබෑ ආදරයක් යළි ඇති නොවේවිය කියලයි.


නමුත් දෙදෙනා ගේ දුරස් වීමක් ගැන නම් අහන්නට ලැබුණේ නැහැ. පසුගිය සතියේ මුල් දිනයේ දී ආරංචි වුණේ දීපිකා, රන්බීර් එක්ක යළිත් චිත්‍රපටවල රඟපාන්නට සූදානම්ව සිටිනවා ය කියලයි.


ඇයගේ මේ උනන්දුවත් එක්කම බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේත් උනන්දුව වැඩි වුණා. ඔවුන් දැන් උත්සාහ කරන්නේ් කෙසේ හෝ මේ පෙම් යුවළ යළි එක්කරගෙන තම තමන්ගේ චිත්‍රපටවල පෙම් යුවළ බවට පත්කරගන්නටයි. දැන ගන්නට ලැබුණු හැටියට නම් මෙවැනි චිත්‍රපට කිහිපයක් භාර ගන්නට දීපිකා වගේම රන්බීර් ද ලැහැස්ති වෙමින් සිටිනවාලු.


ඔය අතරේදී පසුගිය සතියේ අග හරියේදී දීපිකා කළ ප්‍රකාශයක් වෙත කාගේත් අවධානය යොමු වුණා. ඇය පැවසුවේ තමන්ගේ විවාහය ඉක්මනින්ම සිදු නොවේවි ය කියලයි.


“මගේ වයස තාම අවුරුදු 24 යි. කසාදයක් ගැන හිතන්න තව කොච්චර කල් තියෙනවද? නියම වයස ආවාම මමත් විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. එදාට ඒ ගැන මම හැමෝටම කියනවා.” දීපිකා තව දුරටත් පැවසුවා.


දීපිකා, විවාහය කල් දැම්මත් රන්බීර්ට ආයෙමත් ආදරය කරන්න පටන්ගෙන තිබෙන නිසා නුදුරේදීම මේ දෙදෙනා බොලිවුඩ්පුරයේ කැපී පෙනෙන ‘ජෝඩුව‘ බවට පත්වේවිය කියලයි හැමෝගෙම විශ්වාසය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.