මුලින් සඳහන් කළ පරිදිම එ.ජා.ප. ප්‍රතිසංවිධාන කමිටුව අළුත් යෝජනා හා සංශෝධන ලබාගැනීමට අද සිට ලබන 03 වනදා දක්වා සිරිකොත මූලස්ථානයේදී රැස්වේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ගයන්ත කරුණාතිලක අද කොළඹදී මේ බව සඳහන් කළ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතික යොවුන් පෙරමුණ, හිටපු එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය, එක්සත් ලක් වනිතා පෙරමුණ සමග ප්‍රතිසංවිධාන පිළිබඳව පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව අද සාකච්ඡා කරන බවයි.
මෙහිදී, ප්‍රතිසංවිධාන වලට අළුතින් එක්කළ යුතු කාරණා මෙන්ම සංශෝධනය වියයුතු යෝජනා පිළිබඳව සාකච්ඡා කරන බව, හෙතෙම කීය.
ජුනි 01 වනදාට ප්‍රතිසංවිධාන කමිටුව, එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන්, එක්සත් උදාර ගොවි පෙරමුණ සමගත් ජුනි 02 වනදා, ජාතික විද්වත් මණ්ඩලය, ජාතික නීතිඥ සංගමය සමගත් ජුනි 03 වනදා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සමගත් ප්‍රතිසංවිධාන පිළිබඳව සාකච්ඡා කරන බව, කරුණාතිලක මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයේ නායකත්වය සඳහා එක් නමකට වඩා යෝජනා වී ඇති විටෙක එකඟතාවයකට පැමිණීමට නොහැකි වූවොත් පැවැත්වීමට යෝජනා කර තිබෙන රහස් ඡන්දයේදී ඡන්දය ලබාගන්නේ කාගෙන්දැයි අවසන් එකඟතාවයකට පැමිණීමටද මෙම සාකච්ඡා වලදී බලාපොරොත්තු වන බවයි.
එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ මෙම ප්‍රතිසංවිධාන කටයුතු කල් ඇදෙන්නක් නොවන බවත් ලබන ජූලි මාසයේ අවසන් සතියේ හෝ අගෝස්තු මුල සතියේ පැවැත්වීමට නියමිත පක්ෂයේ මහා සම්මේලනයට පෙර මෙම ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කරන බවත් හෙතෙම සඳහන් කළේය.






0 comments:
Post a Comment