මින් ඉදිරියට අලුතින් ලියාපදිංචි කරන වාහන සඳහා අකුරු තුනකින් යුත් ලියාපදිංචි අංකයක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉංග්‍රීසි අකුරු දෙකකින් යුත් ලියාපදිංචි අංක ලබාදීම 2000 වසරේදී ආරම්භ කළ බවත්, එය GA කාණ්ඩයෙන් ආරම්භ කළ බවත්ය.මෙම අකුරු දෙකේ ලියාපදිංචි කාණ්ඩ අංක අවසන්වීම නිසා අකුරු තුනේ කාණ්ඩ අංක ලබාදීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.






0 comments:
Post a Comment