හිටපු ඇමැති මෛත්‍රීට නව ඇමැති යාපාගෙන් නෝක්කාඩු

14 May 2010 ·

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෙරෙහි ගොවි ජනතාව බරපතල විශ්වාසයක්‌ තබා ඇති මුත් එම දෙපාර්තමේන්තුව තවමත් එය තහවුරු කර නැතැයි නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ 13 දා පැවැති සාකච්ඡාවකදී පවසා ඇත. පේරාදෙණිය ගන්නොරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්‌ථානයේදී පැවැති මෙම සාකච්ඡාවේදී නව අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ කෘෂිකර්ම දෙපාර්ත‍මේන්තුවෙන් මෙතෙක් ගොවි ජනතාවට කිසිදු සෙතක් නොවුණු බවයි.


"කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාවන් ගමේ ගොවි ජනතාවට ලැබීය යුතුයි. නමුත් ගොවි ජනතාව පවසනවා ඔවුන්ට සෙතක්‌ සිදු වූයේ නැතැයි කියා. මේම මතය බිඳ හෙළීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1370 ක් තිබෙනවා. පසුගිය කාලයේදී මෙම පුරප්පාඩු පිරවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. මේ වෙනුවෙන් අවශ්‍ය උපාධිධාරීන් රැකියා විරහිතව විශාල සංඛ්‍යාවක්‌ සිටිද්දී මෙවැනි ගැටළු ඇතිවීම කණගාටුවට කරුණක්." නව ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

1 comments:

Anonymous said...
May 16, 2010 6:32 AM  

kauda kiyanne sewayak une na kiyala .Loku sewayak kara pasugiya kale .Mr yapa oya methana awith nikan pora wenna dagalanna epa.Kalin ministerge naraka kiyakiya penawane maithree dan saukiya amathiyansaya hadala ganna hati....

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.