අපේ අයවැය පරතරය “ගාණට” වැඩියි.

29 May 2010 ·

යුද්ධයෙන් පසු, ශ්‍රී ලංකාව අපේක්ෂීත ආර්ථීක සංවර්ධන හා ස්ථායිතා ඉලක්ක සපුරා ලිමට නමි, විනාශ වු යටිතල පහසුකම් ගොඩනගමින් අයවැය පරතරය දැරිය හැකි මට්ටමකට සීමා කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකු සභාපති කියයි.

තෙදින නිල සංචාරයක් සඳහා මේ දිනවල දිවයිනට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකු සභාපති Haruhiko Kuroda ඊයේ කොළඹදි මාධ්‍ය හමුවක් අමතමින් මෙසේද අවධාරණය කළේය.


“යුද්ධය අවසන් වි සාමය උදා විමත් සමඟ ලංකාවට හොද කාලයක් ඉදිරියේදි උදා වන බව කිව හැකියි.මේ සඳහා අවශ්‍ය ශඛ්‍යතා ලංකාව සතුව තිබෙනවා.”


“යුද්ධයෙන් විනාශ වු ජන ජිවිතය හා අනිකුත් යටිතල පහසුකම් නැවත ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් ති‍බිම සතුටට කරුණක්.”


“ධරනීය ආර්ථීක වර්ධනයකට සාර්ව ආර්ථීක තුලනයක් අවශ්‍යයයි.ගිය වසරේ සියයට 3.5 ක් වර්ධනය වු මේ රට ආර්ථීකය මේ වසරේ සියයට 06 වේවි කියා ඇස්තමේන්තු කර තිබෙනවා.”


“ඒත් ,2009 අපේක්ෂීත අයවැය පරතරය වු සියයට 07 ,වසර අවසනදි සියයට 9.8 ක් දක්වා ඉහළ ගිහිල්ලා.මේ අහිතකර තත්ත්වය මැඩ පවත්වා එය ආර්ථීකයට දැරිය හැකි මට්ටමකට පහත හෙලිමට පියවර ගත යුතුයි. “


“බදු අනුපාත අඩු කර වියදම් වැඩිකර ආර්ථීක වර්ධනයක් කෙටි කලකදි ළගා කර ගත හැකි වුවත් දිගු හා මැදි කාලයේදි එය ප්‍රායෝගික නොවන බවත් වටහා ගත යුතුයි. “


මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 450 ත් 500 ත් අතර ණය ආධාර ව්‍යාපෘති ලංකාවේ සිදු කරන බවත් මෙයින් මිලියන 150 ක් උතුරේ නැවත පදිංචී කිරිමි හා නැවත ඉදිකිරිමි සඳහා වන හදිසි ආධාර බවද මෙහිදි අනාවරණය විය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.