සීපා ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලනවා - අනුර දිසානායක

29 May 2010 ·

altශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගැනීමට සූදානම්වන විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම හෙවත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පවසයි.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සීපා ගිවිසුම සම්බන්ධයෙන්වන ස්ථාවරය සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.


එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙම ගිවිසුම ඉන්දියාව සිය අධිකාරය මත ශ්‍රී ලංකව මත පැටවීමට උත්සාහ දරන්නක් බවත් ගිවිසුමෙන් වාසි සැලසෙන්නේ ඉන්දියාවට සහ මෙරට ව්‍යාපාරිකයින් අතලොස්සකට පමණක් බවත් පෙන්වාදුන්නේය. එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කර්මාන්ත කරුවන් සහ ග්‍රාමීය කර්මාන්ත කරුවන්ගේ කර්මාන්ත අභාවයට ගොස් ශ්‍රී ලංකා ආර්ථිකය ඉන්දියානු ආර්ථිකයට පරාධින වනු ඇති බව ඒ මහතා පවසයි.


එබැවින් රජය ඉන්දියාවේ බලපෑම මත මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඒකාබද්ධ කරගෙන විරෝධතාව දැක්වීමට බලාපොරොත්තුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.