ජනතාවට රජයෙන් ලබා දෙන සහනාධාර ඉවත් කොට අමතර බදු බරක් පටවා ජීවන බර වැඩිවන කාලයක් ඉදිරියේදී එළඹෙන බවට ලකුණු පහළවී ඇත. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අර මුදල මගින් ලබාදීමට පොරොන්දු වූ ඩොලර් මිලියන 2600ක ණය මුදලින් එහි වාරික දෙකක් මේවන විටත් ගෙවා ඇති අතර තුන්වන වාරිකය වන ඩොලර් මිලියන 326ක මුදල ලබා දෙන ලෙස ආණ්ඩුව ඉල්ලා තිබේ. මෙම ණය මුදල ලබා ගැනීමේදී ආණ්ඩුව පොරොන්දුවූ කොන්දේසි ඉටු කර ඇත්දැයි පරීක්ෂා කිරීමට මූල්‍ය අරමුදලේ දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. එම පිරිසේ මූලිකත්වය දරන්නේ මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අංශයේ ශ්‍රී ලංකාව පිළිබද මෙහෙයුම් ප්‍රධානී බ්‍රයන් එයිට්කන්ය.ඊයේ මෙම නියෝජිත පිරිස කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී බ්‍රයන් එයිට්කන් පැවසුවේ රජයේ ආදායම් වැඩි කිරීමටද, පුනරාවර්ථන වියදම් කපා හැරීමටද ආණ්ඩුවට දැනුම් දුන් බවයි. එමෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හා බදු ප්‍රතිපත්තිය සංශෝධනය පිළිබදවද පියවර ගන්නා ලෙස රජයට දැණුම්දී ඇතැයි ඔහු පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමේදී ප්‍රමුඛ කොන්දේසියක්වී ඇත්තේ 2011 වසර වන විට අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% දක්වා අඩු කිරීමයි. නමුත් 2009 වසරේ අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%කි. පොරොන්දුවූ ලෙස අයවැය පරතරය අඩු කිරීමට නම් ආණ්ඩුවට ආදායම් ඉහළ නැංවීමට සිදුවන අතර වියදම් පහත හෙළීමට සිදුවේ. දැනට නිෂ්පාදනය ඉහළ දමා ආදායම් වැඩි කළ නොහැකි හෙයින් මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත්තේ ජනතාව මත බදු බර වැඩිකරන ලෙස හා රාජ්‍ය ආයතන විකුණා දමණ ලෙසය. මේ අනුව විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය, ලංගම, වැනි ආයතන පෞද්ගලීකරණය කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එමෙන්ම වියදම් කපා හැරීම සදහා ආණ්ඩුවට කිරීමට සිදුවන්නේ මහජන සහනාධාර කපා හැරීමයි. මේ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, වියදම් කපා හරිනු ඇති අතර පොරොන්දුවූ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමද නොලැබෙනු ඇත. නමුත් බදු ඉහළ දැමීම නිසා ඉදිරි කාලයේදී ජීවන බර තවදුරටත් ඉහළ යනු ඇත.






0 comments:
Post a Comment