අත්සන් කිරීමට සූදානම්ව සිටියදී විරෝධතා නිසා අත්හැර දැමූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සේවා හා වෙළඳාම නිදහස් කිරීමේ ගිවිසුම ඇති කිරීමට ඉන්දියාව විශේෂ උනන්දුවකින් පසුවන බව වාර්තාවේ.මේ වනවිටත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් තිබෙන අතර එමගින් දෙරට අතර තෝරාගත් භාණ්ඩ වර්ග කිහිපයක් නිදහසේ ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
කෙසේවෙතත්, එම ගිවිසුම අභිබවා යමින් විශාල පරාසයකට අයත්වන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් දෙරට අතර නිදහසේ ගනුදෙනු කිරීමේ අරමුණෙන් “සෙපා” (විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම) නමින් ගිවිසුමක් ඇතිකිරීමට දෙරටම පසුගිය කාලයේ වැඩකටයුතු කළ අතර ඒ සඳහා බොහෝ වැඩ අවසන් කිරීමෙන් පසුව එයට මෙරට පිරිස් විසින් එල්ල කළ විරෝධතා හමුවේ ගිවිසුම අත්සන් කිරීම කල් දමනු ලැබීය.
ඉන්දියාවේ, “ඉකොනොමික් ටයිම්ස්” පුවත් පත ඉන්දියානු විදේශ ලේකම්, නිරූපමා රාවෝ උපුටා දක්වමින් වාර්තා කර තිබෙන්නේ, මෙම ගිවිසුමට එළඹීමට ඉන්දියාව මේ වනවිටත් උනන්දුවක් දක්වන බවයි.
ඉකොනොමික් ටයිම්ස් වාර්තාවට අනුව, සෙපා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව නිෂ්පාදන වර්ග 32 ක් නිදහස් කිරීමටත් ඉන්දියාව නිෂ්පාදන වර්ග 114 ක් නිදහස් කිරීමටත් එකඟවී තිබේ.
මෙම ගිවිසුමේ සේවා නිදහස් කිරීමට අනුව ඉන්දියාව සේවා අංශ 80 ක් පමණ නිදහස් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් සේවා අංශ 20 ක් පමණ නිදහස් කිරීමටත් එඟවී තිබෙන බව වාර්තාවේ.
සෙපා ගිවිසුමට එළඹෙනවාට විරුද්ධ වූ ශ්‍රී ලාංකික පාර්ශව වලට පිළිතුරු දෙමින් නිරූපමා රාවෝ සඳහන් කර තිබෙන්නේ, මෙම ගිවිසුමට එළඹීම තුළින් ශ්‍රී ලංකාවට වාසි අත්වන බවයි.






2 comments:
උගුලක් තමා...වෙන මොනාද ඉතින්...මෙතන කියන්නේ සේවා හුවමාරුවක් ගැන...එත් ලංකාවෙන් සේවා ගන්න කැමති වේද ඉන්ධියන් කාරයෝ? එත් අපෙය් කට්ටිය නම් දත් නියාව නියාව ඉන්නේ ඉන්දියන් අය්යලා ටික ගොඩ බහින කල්. වුර්තිකයින්ට තමා මෙතන කෙල වෙන්නේ...
ඔව් ඔය ඉන්දියන් පප්පලා දැනටත් ලංකාවට ඇවිල්ල කම්පැනි වල සොච්චම් පඩියට වැඩ කරනවා. ඔය ගිවිසුම හරි ගියොත් අපේ වෘත්තිමය තත්වයක් තියෙන අයට පවා අඩු වැටුපට වැඩ කරන්න වෙනවා, නැත්නම් ඉන්දියන් කාරයෙක් ගනී.
අපි වගේ පොඩි රටවල් වලට ඔය වගේ ගිවිසුම් වලින් කොහොමත් පාඩුයි තමා. වෙළද ගිවිසුමක් වුනත් වෙන්නේ ඉන්දියාවේ ලාභ සහ කමකට නැති ජරාව ඔක්කොම ලංකාවට පටවන එක, අපේ කිසිම දෙයක් ඉන්දියාවට යවන්න බැහැ. යැවුවත් මාකට් එකක් නැහැ මොකද ඊට වඩා අඩු මිලට ඉන්දියාවේ තියෙනවා.
Post a Comment