කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරි පැය කිහිපය තුළත් දැඩි වර්ෂාවක් ඇද හැලුණහොත් කැළණිය සහ උතුරු කොළඹ ප්‍රදේශවලට විදුලි සැපයුම කපා හැරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි. දැනටමත් විදුලි බල මණ්ඩලයේ විදුලි උප පොලවල් ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර කැළණිය සහ උතුරු කොළඹ ප්‍රදේශවලට විදුලිය ලබාදෙන උප පොළවල් ජලයෙන් යටවීමේ තර්ජනයට මුහුණපා ඇත.ඊයේ සිට හොරණ, හෝමාගම, කැස්බෑව, පිළියන්දල, ජා ඇල, රාගම හා අවිස්සාවේල්ල ප්‍රදේශවලට විදුලිය ලබාදීම අත්හිටුවීමට සිදුවී ඇත. පසුගිය දිනවල මීගමුව, මොණරාගල සහ මහනුවර ප්‍රදේශවලද විදුලි සැපයුමට දැඩි වැස්සෙන් බාධා සිදුවිය. කෙසේ වෙතත් හැකි ඉක්මණින් මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.






0 comments:
Post a Comment