යුධ ජයග්‍රහණයට දායක වූ සැමට ජනරාල් සිර කුටියේ සිට ප්‍රණාමය පුදයි

20 May 2010 ·

යුද්ධය අවසන් කර ජයග්‍රහණ්‍ය ලබා ගැනීම වෙනුවෙන් දායකත්වය දැක්වූ සියළුදෙනාට සිය ආචාරය සිර කුටියේ සිට වුවද පුද කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සිය ප්‍රණාමය දක්වා ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.


යුධ ජයග‍්‍රහණයට දායක වූ සැමට ප‍්‍රණාමය


පුරා වසර තිහක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් රටත් ජනතාවත් මුදාගෙන ලබාගත් යුධ ජයග‍්‍රහණයට අදට වර්ෂයක් සම්පූර්ණ වෙයි. මට මේ මොහොතේ සිහිපත් වෙන්නේ යුද්ධයට බිලිවුණු අභීත රණවිරුවන් හා අහිංසක සහෝදර ජනතාවයි. යුධ, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්‍ෂක හමුදාවල මේ මහ මෙහෙයුමට එදා සිටම දායක වූ මව්බිමට ආදරය කළ රණවිරුවන් හමුදාවට එවූ දෙමාපියන්ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. ඔවුන්ගේ අහිමිවීම වේදනාවක් වුවත් ඒ දෙමාපියන් එවැනි දරුවන් ගැන මේ මොහොතේ ආඩම්බර වෙනවා යැයි මම සිතමි.


ඇතැම් රණවිරුවන් අද සදාකාලික ආබාධිතයන්ය. ඇස්, කන්, දෙපා අහිමි වූවන්ය. ජීවිතයම රට වෙනුවෙන් දුකක් කරගත් ඔවුන්ට මාගේ ප‍්‍රණාමය පුද කර සිටිමි. දෙමාපියන්ට, තම දරුවන් අහිමි විය. බිරින්දෑවරුන්ට සැමියන් අහිමි විය. දරුවන්ට පියවරුන් අහිමි විය. සහෝදරයන් අහිමි විය. කවදාවත් මැකී නොයන වේදනාව පුරවාගෙන ජීවත් වන රණවිරු පවුල්වලටද මාගේ ගෞරවණීය ප‍්‍රණාමය පුද කරන අතර, අරංතලාව, ශ‍්‍රී මහා බෝධිය හා වෙනත් ආගමික පූජනීය ස්ථාන වලදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වලට ගොදුරු වී අපවත් වූ බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාටද ජිවිතක්ෂයට පත්වූ වෙනත් ආගමික පූජක තුමන්ලාට ද නමස්කාර පූර්වක ප‍්‍රණාමය බැති සිතින් පුද කරමි.


එදා යුධහමුදාපති වශයෙන් යුද්ධය ජයග‍්‍රහණය කළ බව නිල වශයෙන් මා ප‍්‍රකාශ කරද්දී මුළු රටම එකම සැණකෙළියක් වූ සැටි මට මැවී පෙනේ. පාරක් තොටක් ගෙයක් දොරක් පාසා ලෙළදුන් සිංහ කොඩිය මට දැන් ලෙළදෙන්නාක් මෙන් පෙනෙයි. එදා මගේ ඡයාරූපය නැති තැනක් නොවීය. එහෙත් ඒ යුධ ජයග‍්‍රහණය සමරණ අද මගේ ඡයාරූපය තහනම් එකකි. මගේ නම ප‍්‍රකාශ කිරිම පවා තහනම් වී ඇත. එදා සෙන්පතියා වූ මම, ලෝකයේ හොඳම හමුදාපති වූ මම, දේශද්‍රෝහියෙකු හෝ රාජ්‍ය විරෝධි කුමන්ත‍්‍රණකාරයෙකු ලෙස හඳුන්වන තත්වයකට අද පත්කොට තිබේ. සටනට ජය ලබාදුන් සෙන්පතියා හිරේ විලංගුවේ දමා සටනේ ජයග‍්‍රහණය සමරන ලෝකයේ එකම රට, ප‍්‍රථම රට, මේ රටයැයි මම සිතමි.


වසර තිහක් තිස්සේ ජීවිත පූජා කිරීමෙන්ද, පරිත්‍යාගය, ඇප කැපවීම, මත ලබාගත් මේ උතුම් ජයග‍්‍රහණය සමරණ මොහොතේ එයට දායක වූ සියලූ දෙනාටම මගේ ආචාරය සිරකුටියේ සිට පුදකර සිටිමි.


ජෙනරාල් සරත් ෆොන්සේකා,
නායක,
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය.
2010.05.19

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.