එල්.ටී.ටී.ඊ.ය පරදවා ලැබූ යුද ජයග්‍රහණයේ ප්‍රථම සංවත්සරය සමරන මෙම මොහොතේ දී ඊට උර දුන් යුද හමුදාපතිවරයා නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.අද පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.
“යුද්ධයේ අප ලැබූ ජයග්‍රහණය සමරන්නට විවිධාකාරයේ උත්සව පැවැත්වීමට රජය කටයුතු යොදලා තිබෙනවා. නමුත් මේ මොහොතේ ඒ ජයග්‍රහණයේ සැබෑ උරුමක්කාරයා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ යුතුයි කියා අපි ඔවුන්ට කියනවා. ඒක රජයේ වගකීමක්. මේ වෛරීය දේශපාලනය නවත්වා දැන්වත් යුද ජයග්‍රහණයට අවංකව නායකත්වය සැපයූ නායකයාව නිදහස් කරන්න”
යැයි හෙතෙම ඉල්ලා සිටියේය.
එමෙන්ම ජෙනරාල්වරයා නිදහස් කර ගැනීමේ අරගලයට ඉදිරියටත් දායක වන්නැයි මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය.






0 comments:
Post a Comment