එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පිළිබදව සකස්කර ඇති යෝජනාවලිය හෙට දින තුළ ලබා දෙන බව ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපති ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි. ඒ මහතා පවසන්නේ අද දින තුළ වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් කරන බවයි. එම වාර්තාව අද රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතව තිබුණත් එය හෙට දක්වා කල් දමා ඇත.
මෙම වාර්තාව සකස්කිරීම සදහා කමිටුව පක්ෂයේ විවිධ ස්ථරවල සාමාජිකයන්ගෙන් යෝජනා ලබාගත් බවත් ක්‍රියාවලිය කල්ගතවීමට එය හේතුවක්වූ බවත් එ.ජා.ප. ප්‍රතිසංවිධාන කමිටු ආරංචි මාර්ග පවසයි.






0 comments:
Post a Comment