ඊයේ දිනයෙන් ඇරඹුණු රණවිරු සතිය තුළ සිය පුවත්පත්වල ජනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ කිසිදු පුවතක් පළ නොකරන ලෙස ආණ්ඩුවේ ඉහළ නිලයකින් පුවත්පත් කර්තෘවරුන්ට බලපෑම් සිදු කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.නම හෙළි කිරීමට අකමැති ජාතික පුවත්පතක ප්‍රධාන කර්තෘවරයෙකු පැවසුවේ සිය දුරකතනයට ඇමතුමක් ලබාදෙමින් මෙම රණවිරු සතිය තුළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ කර ගනිමින් කිසිදු පුවතක් පළ නොකරන ලෙස දන්වා ඇත. මෙම ඇමතුම ලබාදී ඇත්තේ රාජපක්ෂ නම ඇති රජයේ ඉහළ නිලධාරියෙකුගේ කාර්යාලයකින් වන අතර, ඉතා සුහද අයුරකින් මෙම නියෝගය ලබා දී ඇත. මේ අතරම ඊයේ දිනයේදී සිදුවූ අධිකරණ වාර්තාව සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේදී නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල්වරයාගේ ප්‍රකාශයක් උධෘත කරන ලෙස නියෝග කර තිබූ අතර, මහේස්ත්‍රාත්වරියගේ ප්‍රකාශයන් උධෘත කර තිබූ පුවත්පත්වලට මෙම නියෝගය ලැබී ඇත්තේ ඉතා දැඩි ස්වරයකින් බව වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් යුද්ධයේදී සැබෑ විරුවා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනප්‍රියත්වයට පත් වන හෝ ඔහුගේ චරිතය ඉස්මතු වන කිසිදු කරුණක් සිය පුවත්පත්වලට ඇතුළත් නොකරන ලෙසත්, මෙම නියෝගය පිළිනොපදින පුවත්පත්වලට මින් ඉදිරියට රජයේ වෙළඳ දැන්වීම් ලබාදීම පිළිබඳව නැවත වරක් සිතා බලන බවත් ඉතා මිත්‍රශීලී ස්වරූපයෙන් පැවසූ බව අප සමඟ මෙම අදහස් පළ කළ ජාතික පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වැඩිදුරටත් පැවසීය.






0 comments:
Post a Comment