ශාක්‍යමුණි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනුගාමිකයන් වන ලොවපුරා විහිදී විසිරී සිටින බොදුණුවන් ඉමහත් බැතියෙන් යුතුව සමරනු ලබන වෙසක් මංගල්‍යය විවිධ ආමිස හා ප්‍රතිපත්ති පූජාවලින් සපිරෙයි.තමන් තුළ පවතින මනෝභාව සමනය කර ප්‍රඥව වර්ධනය කර සමතුලිත කොට පූර්ණ මිනිස් ජීවිතයක් ගතකිරීමට මගපෙන්වීම බුද්ධ දේශනයේ හරයයි. මමත්වය හීන කොට සෙසු පුද්ගලයන් සමග බෙදාහදා ගනිමින් තමන්ට මෙන්ම අනුන්ට ද යහපත් වන ජීවිතයේ ගත කිරීමට ඉන් පිටිවහලක් ලැබෙයි.
සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය හා දයාව පැතිරවීම, අසරණ සරණ පිදිය යුත්තන් පිදීම වැනි වූ උත්කෘෂ්ඨ ගුණාංග රැසකින් පොහොසත් බෞද්ධ හැදියාව තුළින් උකහාගත් සුවිශේෂ ගුණාංග අප වෙත නැවත නැවතත් සිහිපත් කරදීම වෙසක් මංගල්‍යයේ ලක්‌ෂණයයි.
මෙරට ස්‌වාභාවික ආපදාවක් හමුවේ විශාල ජනතාවක් අසීරුවට හා දුකට පත්ව සිටින මේ මොහොතේ දී දුකට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීම පිණිස මෙවර වෙසක් සමයේදී වඩාත් ප්‍රායෝගික පියවර වෙත යොමු වෙමු.
සකල ලෝ වාසී බොදුණුවන්ට ශාන්තිමත් වෙසක් මංගල්‍යයක්‌ම වේවායි යන්න මගේ පැතුමයි.






0 comments:
Post a Comment