අයිෆා සම්මාන උළෙල හොඳම නළුවා සඳහා 6 දෙනෙක් තරග බිමේ

27 May 2010 ·

ජනප්‍රිය සිනමා සම්මාන අංශයේ ජයග්‍රාහකයන් තෝරා ගැනෙන්නේ අන්තර් ජාලය ඔස්සේ රසික ජනතාව ලබාදෙන මනාපය අනුවය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අයිෆා සම්මාන උළෙලේ දී ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශ කෙරේ. ගතවූ වර්ෂයේදී අත්කරගත් සාර්ථකත්වය අනුව හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා ‘ත්‍රී ඉඩියට්ස්’, ‘වෝන්ටඩ්’, ‘කාමිනී’, ‘පා’ සහ ‘දේව් ඩී’ යන චිත්‍රපට නිර්දේශ වී ඇත.


ජුනි මස 03 වැනි දින සිට 05 වැනි දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ඉන්දියානු සිනමා ඇකඩමිය මෙහෙයවන 2010 අයිෆා සම්මාන සඳහා යෝජිත නාමාවලිය පසුගියදා නිවේදනය කරනු ලැබීය.


අයිෆා සම්මාන උළෙලේ ජනප්‍රිය සම්මාන අතර හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සහ නිළිය, හොඳම විකටයා, හොඳම දුෂ්ටයා, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම කතාව, හොඳම ගීත රචකයා සහ හොඳම පසුබිම් ගායනය ද ඇතුළත් වේ.


පසුගිය මාර්තු මාසයේ පැවැති සිනමා කර්මාන්තයේ ඡන්ද ඇසුරින් අයිෆා සම්මාන සඳහා වන නිර්දේශිත නාමාවලිය නිකුත් කෙරිණ. මෙම ප්‍රතිචාර පරීක්ෂා කරනු ලැබූයේ අයිෆා සම්මාන සඳහා පමණක් නොව ඔස්කාර් සම්මාන සඳහා ද විගණන කටයුතු කරන ‘ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ඩ්’ සමාගම මඟිනි.


තමන්ගේ මනාපය පරිදි එක් එක් සම්මාන සඳහා සුදුස්සන්ට ඡන්දය ප්‍රකාශ කිරිම පිණිස www.iifa.com වෙබ් අඩවියේ සජීවී ඡන්ද ප්‍රකාශන පහසුකම 2010 මැයි 10 වැනිදා සිට ලොව පුරා සිටින සිනමා ලෝලීන්ට විවෘත වෙයි.


2010 ජූනි 01 දායින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය අවසන් වෙයි. ජනප්‍රිය සිනමා සම්මාන අංශයේ ජයග්‍රාහකයන් තෝරා ගැනෙන්නේ අන්තර් ජාලය ඔස්සේ රසික ජනතාව ලබාදෙන මනාපය අනුවය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අයිෆා සම්මාන උළෙලේ දී ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශ කෙරේ.


ගතවූ වර්ෂයේදී අත්කරගත් සාර්ථකත්වය අනුව හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා ‘ත්‍රී ඉඩියට්ස්’, ‘වෝන්ටඩ්’, ‘කාමිනී’, ‘පා’ සහ ‘දේව් ඩී’ යන චිත්‍රපට නිර්දේශ වී ඇත.


හොඳම අධ්‍යක්ෂණය සඳහා නිර්දේශිත නම් වන්නේ රාජ් කුමාර් හිරානි (ත්‍රී ඉඩියට්ස්) අනුරාග් කාශ්‍යප්අයාන් මුකර්ජි (මේක් අප් සිද්) විශාල් භාරද්වජ් (කාමිනී) ඉම්ටියාස් අලී (ලව් ආජ්කල්) සහ බෝල්කී (පා) ය. (දේව් ඩී)


අමීර් ඛාන් (ත්‍රී ඉඩියට්ස්) අමිතාබ් භච්චන් (පා) සායිෆ් අලිඛාන් (ලව් ආජ්කල්) සල්මන් ඛාන් (වෝන්ටඩ්) ෂශීඩ් කපූර් (කාමිනී) රන්බීර් කපූර් (වේක් අප් සිටි) හොඳම නළුවා සම්මානය වෙනුවෙන් නිර්දේශ වී ඇත.


හොඳම නිළියට නිර්දේශිත නාමයන් වන්නේ කරීනා කපූර් (ත්‍රී ඉඩියට්ස්) පි‍්‍රයංකා චොප්රා (කාමිනී) දීපිකා පදුකෝන් (ලව් ආජ්කල්) විද්‍යාබාලන් (පා) සහ මාහී ජීල් (දේව් ජී) ය.


ඉන්දියාවේ විශාලතම මාධ්‍ය ආකර්ෂණය වන අයිෆා සම්මාන උළෙල ලොව පුරා මිලියන 600ක පමණ ප්‍රේක්ෂක පිරිසකගේ ප්‍රතිචාර ලබයි. මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම සම්මාන උළෙල සඳහා ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්තයින් 500ට අධික පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි.


අයිෆා සම්මාන උළෙල ස්ටාර් ටීවී (Star TV) නාලිකාව ඔස්සේ ලොව පුරා රටවල් 110ක වෙසෙන ප්‍රේක්ෂකයින් සඳහා විකාශය වීමට නියමිතය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.