ශ්‍රී ලංකන් ගන්න රජයේ ලංසුව ඩො. මි. 55 යි

16 May 2010 ·


දැවැන්ත පාඩු වාර්තා කරමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එමිරේට්ස් ගුවන් සමාගම සතු සියයට 43.6 ක කොටස් හිමිකම ඇමෙරිකානු ඩොලර් මිලියන 55 කට මිළදී ගැනිමට රජය සුදානම් වේ.

මේ බව විදෙස් ප්‍රවෘත්ති සේවාවන්ට පවසා ඇති මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.


“එමිරේට්ස් සමාගමේ කැමැත්ත අනුව යමින් රජය එහි එමිරේට්ස් ගුවන් සමාගම සතු සියයට 43.6 ක කොටස් හිමිකම ඇමෙරිකානු ඩොලර් මිලියන 55 කට මිළදී ගැනිමට සුදානම්.” “අපි මේ ගුවන් සේවය වාණිජමය වශයෙන් ඉදිරියට දියුණු කළ හැකි රජයේ හෝ වෙනත් සුදුසු පාර්ශවකරුවෙකු මේ මොහොතේ සොයමිනුයි සිටින්නේ.”


මේ අතරේ “විමසුම”ට අදහස් දැක්වු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෘත්තිය සමිති ක්‍රියාකාරියෙකු පැවසුවේ පසුගිය 2008/2009 වූ රුපියල් මිලියන 9305 ක අලාභය පරිදිම මේ 2009/2010 වසරේත් සමාගම දැවැන්ත පාඩු වාර්තා කර ඇති බවයි.


තත්ත්වය එසේ වුවත් මේ පිළිබඳ විගණන වාර්තා නිකුත් වූ වහාම නව අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ වැටුප් වර්ධක පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කිරිමට අදහස් කරන බවත් මූල්‍ය තත්ත්වය අයහපත් නිසා දැනට වසරක පටන් තමන්ට පොරොන්දු වූ වැටුප් වර්ධකය වූ සියයට 18 ත් නොලැබෙන බවත්, මෙවර ඊට අමතරව තවත් සියයට 20ක පමණ වැටුප් වර්ධකයක් නව සාමුහික ගිවිසුම මගින් ඉදිරිපත් කරන බවත් කිය.


සමාගමේ සභාපති ලෙස නිශාන්ත වික්‍රමසිංහ මහතා තව දුරටත් කටයුතු කරන අතර හිටපු ආයෝජන මණ්ඩල සභාපති ධම්මික පෙරේරා මහතා එහි අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වීම් ලැබ ඇත.


එමිරේට්ස් සමාගම 1998 වසරේ ඩොලර් මිලියන 70 කට ශ්‍රී ලංකන් එයාර්හි සියයට 40 ක කොටස් අයිතිය ලබා ගත් අතර පසුව එය සියයට 43.6 දක්වා සේවක කොටස් ලබා ගනිමින් වර්ධනය කර ගත්තේය.


0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.