ඩුබායි සිට ඉන්දියාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අද උදෑසන 6.00ට පමණ මැන්ගලෝර් නගරයේදී අනතුරට පත්වීම හේතුවෙන් පුද්ගලයන් 160 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
යානය මැන්ගලෝර් ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමේදී ධාවන පථයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ. ධාවන පථයෙන් ඉවතට පැන ගුවන් තොටු පළ යාබද කැලෑබද ප්‍රදේශයට වැටුණු ගුවන්යානය ගිනි ගෙන තිබේ.
කෙසේ වෙතත් ගුවන් යානයේ ගමන් ගත් මගීන් ගෙන 06 දෙනෙකු පමණක් දිවි ගලවාගෙන ඇති බවත් තුවාල ලබා ඇති ඔවුන් මේවන විට රෝහල්ගත කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.









0 comments:
Post a Comment